අමානුෂික නවක වදය නිසා ශිෂ්‍යයෙක් දිවි නසා ගන්න යයි . . .

යාපනය විශ්ව විද්‍යාලයේ පලමු වසර සිසුන් පිරිසකට අමානුෂික හා ලිංගික ක්‍රියාවන් සහිතව නවක වධය ලබා දී ඇති අතර එක් සිසුවෙකු මේ හේතව නිසා සිය දිවි හානි කර ගැනීමට තැත් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ සිසුන් 18 දෙනෙකු මෙලෙස නවක වධය ලබා දී ඇති අතර ඔවූන් මේ වන විට වසරක පංති තහනමකට ලක් කර ඇත. දඩුවමට ලක් වූ ශිෂ්‍යයා විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ කාමරයට ගොස් තමන් දිවි තොර කර ගන්නා බව ප්‍රකාශ කොට ලණුවක ආධාරයෙන් බාල්කයක එල්ලී සිය දිවි හානි කර ගැනීමට උත්සහ කළ අවස්ථාවේදී එය දුටු වෙනත් සිසුන් පිරිසක් ලණුව කපා ඔහුව බේරාගෙන රෝහල් කිරීමට පියවර ගෙන ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය හා විනය කමිටුව දීර්ඝ කාලයක් තිස්සේ පවත්වන ලද පරීක්ෂණ වලින් පසුව මෙම සිසුන් 18 දෙනා එම ක්‍රියා වලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ඔවුන් නවක වධය ලබාදුන් අවස්ථාවලදී ගන්නා ලද ඡායාරූප හා වීඩියෝ දර්ශන මගින් සැකකාර සිසුන් හදුණා ගෙන තිබෙනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලංකා ජනරජයට වඩා මම පොහොස‍තෙක් - රනිල් වික්‍රමසිංහ . . .

Thu Aug 18 , 2022
තවදුරටත් වාද විවාද කරමින් සිටියහොත් සියල්ලන්ටම විඳවීමට සිදු වන බවත් වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම් තරගකාරී අපනයන ආර්ථිකයක් හැර වෙන විකල්පයක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පෙරේදා (16 වැනිදා) පැවැති විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනයේ සම්මාන උළෙල අමතමිනි. එහිදි තවදුරටත් අදහස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x