අවම ජීවන වියදම මසකට රුපියල් 12,444/= . . .

මෙරට එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම රුපියල් 12,444/= ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එම දෙපාර්තමේන්තුව විසින් 2022 ජූනි මාසයට අදාළව නිකුත් කර ඇති නවතම නිල දරිද්‍රතා රේඛා සටහන ඔස්සේ එම අනාවරණය සිදුකර ඇත. මෙම අගය එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙනවෙනම ගණන් බලා ඇති අතර ඒ අනුව වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වෙන පුද්ගලයෙකු හටයි. එය රුපියල් 13,421/= කි. මෙහි අවමය ලෙසින් මොණරාගල දිස්ත්‍රික්කය දක්වා ඇති අතර එම දිස්ත්‍රික්කය තුළ වෙසෙන පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ දැරීමට සිදුවන අවම වියදම රුපියල් 11,899/= කි.

නිල දරිද්‍රතා රේඛාවේ වැඩිවීමට හේතුව, පෙර මාසයට සාපේක්ෂව 2022 ජුනි මාසයේදී වාර්තා වූ ඉහළ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය බව ජනලේඛන හා සංඛාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි. කෙසේ වෙතත් කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය 2022 ජූලි මාසයේ දී මෙරට උද්ධමනය 60.85%ක් දක්වා ඉහළ ගොස් තිබීම හා ආහාර උද්ධමනය 90.9% ක් දක්වා ඉහළ ගොස් තිබීම හමුවේ 2022 ජූලි මාසය වෙනුවෙන් වන ඉහත අගයයන් බෙහෙවින් ඉහළ යා හැකි වනු ඇතැයි අනාවැකි පළව ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සියලුම දිස්ත්‍රික්කවලට හමුදාව කැඳවයි . . .

Sat Aug 20 , 2022
ශ්‍රි ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ඒ දිස්ත්‍රික්කවලට යාබද දේශීය ජල තිරයන් තුළ මහජන සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ. මහජන ආරක්ෂක ආඥාපනත ප්‍රකාරව ජනපතිවරයාට පැවැරි ඇති බලතල අනුව 2022/08/22 දින සිට මසක කාලයක් සඳහා වලංගු වන පරිදි මෙම ගැසට් නිවේදනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x