ගෝඨාභයට යළි මෙරටට පැමිනීමට ඉඩ දෙන්න . . .

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සදහා අවකාශ සලසන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉල්ලීමක් කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක දී පොදුජන පෙරමුණ මෙම ඉල්ලීම කර තිබේ. කොළඹ ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව පැවැත්විණි.

මෙහිදී අදහස් පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා ඇත්තේ පවතින ආර්ථික අර්බුදය විසඳමින් රට ගොඩ නැගීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට පූර්ණ සහාය ලබා දෙන බවයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂිතව යළි දිවයිනට පැමිණිම සදහා කඩිනමින් අවකාශ සැලසිය යුතු බවද බැසිල් රාජපක්ෂ එහිදී සඳහන් කර ඇත. එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ඇතුලු රජයෙන් ඉල්ලා සිටින ප්‍රමුඛතම ඉල්ලීම බව ද බැසිල් රාජපක්ෂ සදහන් කර තිබේ. මෙම සාකච්ඡාවට පොදුජන පෙරමුණ වෙනුවෙන් ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු,පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වී ඇත. ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සාගල රත්නායක, වජිර අබේවර්ධන, රුවන් විජයවර්ධන හා ශමල් සෙනරත් සහභාගී වී තිබෙි.

(අංජුල මහික වීරරත්න)

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට . . .

Fri Aug 19 , 2022
  පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.  ද ඉකොනොමිස්ට් සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ගුවන් සමාගමට අමතරව ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් වැනි ආයතන පෞද්ගලීකරණය කළ හැකි බව ජනාධිපතිවරයා එහිදී කීය . ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x