පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට . . .

 

පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.  ද ඉකොනොමිස්ට් සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ගුවන් සමාගමට අමතරව ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් වැනි ආයතන පෞද්ගලීකරණය කළ හැකි බව ජනාධිපතිවරයා එහිදී කීය .

ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගය ගැටළුවක් බව සඳහන් කළ ජනාධිපතිවරයා වසර 40 ක් පුරා එම ක්ෂේත්‍රයේ  සිටින පිරිස සමගද සාකච්ඡා කර නව ආයෝජන සඳහා අවස්ථා විවෘත කරන බව කීය. රාජ්‍ය  ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී වෘත්තිය සමිති දක්වන විරෝධය ගැන තමා කරදර නොවන බවත් තමාට වැදගත් වන්නේ ජනතාව බවත් කී ජනාධිපති රනිල්  වික්‍රමසිංහ තත්ත්වය යහපත් වන බව ජනතාවට තේරුම් යන විට ඔවුන් මේ ක්‍රියාවළිය සමග ඉඳිවී යැයි විශ්වාසය පළ කළේය .

2018 වසරේ පැවති තත්ත්වයට යළි පැමිණීමට  2024 -2025 දී හැකි වේයැයි ජනාධිපතිවරයා සඳහන් කළේය. 2023 වසර ආරම්භයත් ශ්‍රී ලාංකිකයින්ට අසීරු වුවත් වසර අවසාන වන විට යහපත් අතට හැරෙනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා  එපා කියනවා නම් ඒ සඳහා විකල්ප සැලසුමක් ඉදිරිපත් කළ යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ආර්ථිකය යළි නගා සිටුවීමේදී බදු යළි ඉහළ දැමීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වන බවත් ජනාධිපතිවරයා පැවසීය. නව බදු සඳහා මුදල් පනතක අවශ්‍යතාවයද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

(අංජුල මහික වීරරත්න)

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අවම ජීවන වියදම මසකට රුපියල් 12,444/= . . .

Fri Aug 19 , 2022
මෙරට එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම රුපියල් 12,444/= ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එම දෙපාර්තමේන්තුව විසින් 2022 ජූනි මාසයට අදාළව නිකුත් කර ඇති නවතම නිල දරිද්‍රතා රේඛා සටහන ඔස්සේ එම අනාවරණය සිදුකර ඇත. මෙම අගය එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙනවෙනම ගණන් බලා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x