පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසයේ . . .

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසය පමණ වනවිට පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසයි.

පළාත් පාලන මැතිවරණය 2018 පැවති අතර 2022 දී කාලය අවසන්වීමට නියමිතව තිබූ නමුත් ඇමතිවරයාට ඇති බලතල යටතේ 2023 දක්වා එහි කාලය දීර්ඝ කරනු ලැබීය. කෙසේවෙතත් මැතිවරණ කොමිසමට ඇති බලතල යටතේ සැප්තැම්බර් 20 න් පසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පැවැත්වීමට හැකියාව ඇති බව එහි සභාපති නීතිඥ පුංචිහේවා පවසයි. ඡන්ද හිමි නාම ලේඛන ඔක්තෝම්බර් 31 වන දිනෙන් සහතික කරනු ලබන නිසා ඉන්පසුව දිනකදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව ඔහු අවධාරණය කරයි.

ගිය වර පළාත්පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 05ක මුදලක් වැය වූ අතර මෙවර එම මුදල මිලියන 08ත් 10ත් අතර වනු ඇතැයි පැවසේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සංශෝධිත අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි . . .

Sat Sep 3 , 2022
පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ සංශෝධිත අයවැය දෙවනවර කියවීම පිළිබඳ ඡන්දවිමසීම ඊයේ පැවත් වූ අතර එහිදී අයවැයට පක්ෂය ඡන්ද 120ක්ද විරුද්ධව ඡන්ද 05ක්ද ලැබී තිබිණි. අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තිදෙනාත් අහිල ඉලංකෙයි දෙමළ කොංග්‍රස් මන්ත්‍රීවරු දෙදෙනෙකුත් පමණි. සමගි ජන බලවේගය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x