එලිසබත් රැජින අසනීපෙන්

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, වෛද්‍යවරුන් ඇගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් කනස්සල්ලෙන් පසුවන බවත් බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එම නිවේදනය අසන්න ලැබීමෙන් තමා මහත් සේ කම්පනයට පත් වුණු බව බ්‍රිතාන්‍යයේ නව අගමැතිනී ලිස් ට්‍රස් පවසා ඇත.

මේ වනවිටත් රැජිනගේ දරුවන් සියලු දෙනා ඇය රැඳී සිටින ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මන්දිරයට පැමිණ හෝ පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

රැජින පසුගිය ජූලි මාසයේ සිට අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූවාය. ඇය ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මන්දිරයේ පදිංචියට ගියේ එබැවිනි.

(බීබිසී)

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සමාජ ආරක්ෂණ බදු පනත වැඩි ඡන්ද 81 කින් සම්මතයි

Thu Sep 8 , 2022
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත  වැඩි ඡන්ද 81 කින් පාර්ලිමේන්තුවේ දී (8) පස්වරුවේ සම්මත විය.පනතට පක්ෂව ඡන්ද 91  ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 10   ක් පමණි.සමගි ජන බලවේගය ,ජාතික ජන බලවේගය,, ආණ්ඩුවේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම සහ විමල් වීරවංශ මහතා ප්‍රමුඛ  ස්වාධීන පක්ෂ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x