මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රංගන ශිල්පිණී දමිතා අබේරත්නට එහිදී වධහිංසාවලට මුහුණ දීමට සිදුව ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි. ඇය ඒ බව පැවසුවේ දමිතා අබේරත්නගේ සුවදුක් බැලීමට බන්ධනාගාර රෝහල් පරිශ්‍රය වෙත ගොස් ආපසු එන අවස්ථාවේ මාධ්‍ය අමතමිනි. “දමිතා අබේරත්න දැන් ඉන්නේ මරණ දඬුවම නියමවූ කාන්තාවන්  4 […]

දිරි සති දෙක තුනක කාලය තුල උග්‍ර පාන් පිටි හිගයක් රට තුළ නිර්මාණය වනු ඇති බව ආනයනකරුවෝ කියා සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ තිරිගු පිටි අවශ්‍ය තරම් ඇති බවට වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද ඉන්දියාව පාන් පිටි අපනයනය නතර කිරීම හේතුවෙන් මෙරට පාන් පිටි ආනයනය කිරීමට ආනයනකරුවන්ට නොහැකි වී ඇති බවයි. […]

දෙවන එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන සති අන්තයේ එක්සත් රාජධානියට යාමට නියමිත බව වාර්තා වේ. ඒ සදහා ජනාධිපති කාර්යාලය ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කරමින් සිටී. ජනාධිපතිවරයාගේ කෙටි සංචාරයේදී බ්‍රිතාන්‍ය රජයේ සාමාජිකයින් හමුවීමට බොහෝ දුරට […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට මලලසේකර මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවෙසට ගොස් ඇත. පසුගිය සදුදා දිනයේදී මෙම හමුව සිදුව ඇති බව දැනගන්නට තිබේ. මෙහිදී දෙදෙනා අතර කෙටි සාකච්ජාවක් පැවැත්වී ඇති අතර ඉදිරියේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂගෙන් විමසා ඇති බවද වාර්තා වේ.

වනජීවී දෙපාර්තමේන්තුව විසින් ජාතික වනෝද්‍යාන වෙත ප්‍රවේශවීමේ ගාස්තු දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි කර ඇති බව වාර්තා වේ. කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව නිකුත් කර ඇති මෙම නියෝගය හේතුවෙන් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. එක් විදේශ සංචාරකු සඳහා පෙර පැවති ගාස්තුව රු. 9,688/= වූ අතර එම මුදල මේ වනවිට රු. 14,920/= […]

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරක්‍ෂක අංශ ප්‍රධානී, යුද හමුදා විශේෂ බළකායේ නිලධාරි රණසිංහ මුදියන්සේලාගේ මහින්ද රණසිංහ පසුගියදා බ්‍රිගේඩියර් නිලයේ සිට මේජර් ජෙනරාල් දක්වා උසස් කර ඇත. විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරයෙන් ගෝඨාභය රාජපක්ෂ  නෙරපා හැරීමෙන් පසු ජූලි 12 වන දින සිට මාලදිවයිනේ, සිංගප්පූරුවේ සහ තායිලන්තයේ ගත කළ කාලය ඇතුළත රාජපක්ෂ යුවලට […]

මුදල් ගෙවීමට නියමිත ඉන්ධන නෞකා 4 ක් කොළඹ වරාය ආසන්නයේ රැඳී සිටින බව වාර්තා වෙයි. ඉදිරි සතිය තුළ මෙම ඉන්ධන නෞකා 4 මුදල් ගෙවා ගොඩබා ගැනීම සඳහා ඩොලර් මිලියන එකසිය පනහකට ආසන්න මුදලක් අවශ්‍ය වී ඇත. එම මුදල් රැස්කර ගැනීම සඳහා දැනටමත් තෙල් සංස්ථාව මහ බැංකුව සමග සාකච්ඡා කරමින් සිටී. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.