සියලු විභාග අපේක්‍ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් . . .

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සැලසුම් කළ දිනයන්හි කිසිදු වෙනසක් සිදු නොවන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් සදහන් කළේ 2022 වර්ෂයට නියමිත පාසල් වාර සටහන සමග ගලපා මෙම විභාග පැවැත්වෙන බවයි.

ඒ අනුව දෙසැම්බර් මස 04 වැනිදා සැලසුම් කළ පරිදි 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙනු ඇත. උසස් පෙළ විභාගය 2022 දෙසැම්බර් 5 වැනිදා සිට සිට 2023 ජනවාරි 02 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

යම් හෙයකින් විභාග දෙක කල් දැමීමට සිදුවුවහොත් පාසාල් වාර සටහනට අදාළව පාසැල් පවත්වන දිනයන් වෙනස් කිරීමට සිදුවන බැවින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය ඇතුළු අනෙකුත් විභාගයන් ද කල් දැමීමට සිදු වන බව එම නිවේදනයේ සඳහන් වේ.

අදාළ දිනයන්හි විභාග සඳහා ඉදිරිපත් වීමට සුදානම් වන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා සියලු විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මිල කළ නොහැකි පෞරාණික භාණ්ඩ සමග අපරාධකරුවකු අත් අඩංගුවට . . .

Fri Sep 16 , 2022
කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ හා දේපල සමග මිල කළ නොහැකි පෞරාණික භාණ්ඩ තොගයක් සොරාගත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ඇතුළු දෙදෙනකු ඊයේ (15) අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. උණු කළ රන් පවුම් විස්සක්, කැරට් 24 රන් ආලේපිත පෞරාණික පීරිසියක්, ඔටුවකුගේ අනුරුවක්, මිල කළ නොහැකි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x