ජල බිල්පත් නොගෙවූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් . . .

රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට ආසන්න හිඟ මුදලක් ජල බිල්පත් සඳහා ගෙවීමට ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 76 දෙනා අතරින් 15 දෙනකු රුපියල් ලක්ෂ 32ක හිඟ ජල බිල්පත් තිබියදී මියගොස් ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඔවුන්ගෙන් අයවිය යුතු මුදල මේ තත්ත්වය තුළ අයකර ගැනීමේ අපහසුතාවක් උද්ගතව පවතින අතර, දැනට අමාත්‍ය ධුර දරමින් සිටි මන්ත්‍රීවරුන් පවා සිය නිල නිවාසවල ජල බිල්පත් විශාල ලෙස ගෙවීමට ඇති බව සඳහන් කරයි.

මෙම ආරංචි මාර්ගවලට අනුව දැනට අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍ය වගකීම් උසුලන මන්ත්‍රීවරුන් ඇතුළු 34 දෙනකු රුපියල් ලක්ෂ 44 ක් ජල බිල්පත් ලෙස ගෙවීමට ඇති අතර, දැනට මන්ත්‍රී වගකීම් නොදරන තවත් 27 දෙනකු රුපියල් ලක්ෂ 41 ක මුදලක් ජල සම්පත් මණ්ඩලය වෙත ගෙවීමට ඇත. ඔවුන්ගෙන් මෙම මුදල් අයකර ගැනීම විශාල අභියෝගයක්ව ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

lankasara

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනතා ප්‍රශ්න වලට සහනය නෙළුම් කුළුණ නැරඹීමයි . . .

Sun Sep 18 , 2022
කොළඹ නෙළුම් කුළුණ විවෘත කර දින තුනක් ඇතුළත රුපියල් මිලියන 7.5 ක මුළු ආදායමක් උපයා ඇත. කොළඹ නෙළුම් කුළුණ සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සඳහන් කළේ දින තුනක කාලය තුළ 14,000 ක පමණ පිරිසක් කුළුණ නැරඹීමට පැමිණ ඇති බවයි. නෙළුම් කුළුණ නැරඹීමට ජනතාවට ලබාදී තිබූ කාලය ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x