නාමල් රාජපක්‍ෂ අධිකරණයට . . .

ක්‍රිෂ් නමැති සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළව අද (21) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ එම පැමිණිල්ල කැඳවනු ලැබුවා.

එහිදී සැකකාර නාමල් රාජපක්ෂද අධිකරණයේ පෙනී සිටි අතර අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා ඇති බවයි. මේ අනුව එම නඩුව 2023 වර්ෂයේ පෙබරවාරි මස 01 වනදා නැවත කැඳවීමටද අධිකරණය නියම කරනු ලැබුවා.

නාමල් රාජපක්ෂ එලෙස මුදල් ලබාගෙන ඇත්තේ, රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසමින්.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අතුරුදන් වූ සිසුවාගේ යැයි සැක කෙරෙන මළ සිරුරක් හමුවේ . . .

Wed Sep 21 , 2022
පසුගිය 16 වැනි දින අතුරුදන් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි අංජන කුලතුංග නමැති සිසුවාගේ යැයි සැක කෙරෙන මළ සිරුරක් අද (21) පස්වරුවේ හමු වී තිබෙනවා. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට කිලෝමීටර් 2 කට ආසන්න දුරකින් පිහිටි ගන්නෝරුව ප්‍රදේශයට ආසන්නයෙන්. පසුගිය 16 වැනි දින සිට මෙම ශිෂ්‍යයා අතුරුදන් ව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x