ළමයින් අතර පැතිරෙන නව රෝගයක් . . .

ළමුන් අතර නැවතත් අත් පා මුඛ රෝගය පැතිරෙමින් ඇතැයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ, උණත් සමග හෝ උණ නොමැතිව දරුවන්ට පහත සඳහන් රෝග ලක්ෂණ තිබේ නම්, වැඩිහිටියන් ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

පහත රෝග ලක්ෂණ ඇත්නම් ඒ පිළිබද අවධානය යොමු කරන මෙන් සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි,

  • කට වටේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
  • අත්වල රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
  • කකුල්වල රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
  • වැලමිටේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
  • තට්ටම් ප්‍රදේශයේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි

ළඳරු වයසේ සිට අවුරුදු 6 – 7 දක්වා දරුවන් අතරේ මෙම රෝගය පැතිරෙන බැවින් මෙවැනි රෝග ලක්ෂණ තිබේ නම් පිටතට නොයවා දින කිහිපයක් දරුවා නිවසේ තබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටී.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අධිවේගී මාර්ගයේ සිටි කබරයෙකු නිසා වාහන 4 ක් අනතුරේ . . .

Thu Sep 22 , 2022
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිටි කබරයෙකු බේරීමට යාමේදී සිදුවු අනතුරකින් වාහන 04 ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරු සිදුව ඇත්තේ කිලෝමීටර් 4.2 ප්‍රදේශයේදීය. අධිවේගී මාර්ගයේ කොළඹ සිට මාතර දෙසට තිබෙන මංතීරුවේ සිදුවූ රිය අනතුරකින් මියගොස් සිටි ඉත්තෑවෙකුගේ මළ සිරුරක් ආහාරයට ගනිමින් සිටි කබරයෙකු දුටු ලොරි රියදුරා එම කබරයා බේරීමට එකවරම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x