මෙරටට ගෙන්වා ඇත්තේ නොගැලපෙන වැරදි බොරතෙල් තොග බවත් ඉන් නිපදවෙන්නේ වැරදි නැප්තා තෙල් වර්ගයක් බවත් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
මෑතකදී ආනයනය කරන ලද බොරතෙල් වලින් නිෂ්පාදනය කරන ලද නැප්තා වල සල්ර්ප ප්‍රතිශතය ඉහළ නිසා ඒවා නැප්තා විදුලි බලාගාර සඳහා භාවිතා නොකරන බවද එහි සභාපති ජනක රත්නායක පැවසීය.
මෙම නොගැලපෙන බොරතෙල් ආනයනය කර ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා විසින් බවත් දැන් ඉතිරි වී ඇති නැප්තා තොග ඒ ගෙන්වූ අයට බීමට සිදුවුණු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
හිරු රූපවාහිනිය සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.