රත්තරන් සහ ජංගම දුරකථන සමග චීවරධාරියකු ගුවන්තොටුපළේදී අල්ලයි . . .

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් රත්තරන් ඇතුළු භාණ්ඩ තොගයක් නීති විරෝධීව ඩුබායි සිට ඕමානයේ මස්කට් නගරය හරහා රැගෙන ආ චීවරධාරියකු කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා පැවසීය.

ඡංගම දුරකතන 218ක, රුපියල් අනූ ලක්ෂයක් වටින්  රන් බිස්කට් අටක්,  රුපියල් ලක්ෂ හයලක්ෂ අසූ දහසක් වටිනා රන් කැබලි හයක්. රුපියල් ලක්ෂ 21 වටිනා ගෙල පළදනා මාල දෙකක්, ලැප්ටොප් පරිගණකයක් එහි තිබී සොයාගෙන ඇත. නීති විරෝධී ලෙස රැගෙනවිත් තිබූ එම භාණ්ඩ අතර පාවිච්චි කරන ලද ජංගම දුරකතන, පාවිච්චි කරන ලද ලැප්ටොප්, රත්තරන් බිස්කට්, රත්තරන් කැබලි සහ රන් ආභරණ ඇතුළත්ව ඇති බවත් එම භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් මිලියන් 22.5 ක් පමණ වන බවට තක්සේරු කර ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම සැකකරු සිය ගමන් මල්ල තුළ පුද්ගලික භාණ්ඩ අඩංගු යැයි ගුවන් තොටුපළ රේගුවට ප්‍රකාශ කිරීමට භාණ්ඩ නොමැති මගීන් සඳහා වෙන් කර ඇති හරිත මාවත හරහා ගුවන් තොටුපලෙන් පිටත් වීමට උත්සාහ කිරීමේදී පරික්‍ෂා  කළ බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කර රේගු පරීක්ෂණයක් පවත්වා රත්තරන් සහ ජංගම දුරකථන රාජසන්තක කර සැකකරුවන්ට දඩ නියම කිරීමට ශ්‍රී ලංකා රේගුවේ ගුවන් තොටුපල අංශයේ සේවයේ නියුතු නිලධාරීන් කටයුතු කරමින් සිටින බවත් සුදත්ත සිල්වා වැඩි දුරටත් කීය.

  • යොහාන් භාසුර සහ ටී.කේ.ජි කපිල
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මන්ත්‍රීවරුන්ගේ බත් පතේ මිල ඉහලට . . .

Mon Sep 26 , 2022
පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට සැපයෙන බත් පතේ මිල රුපියල් 100/= කින්ද මාධ්‍යවේදීන්ට සැපයෙන  බත් පතේ මිල රුපියල් 50 කින්ද ඉහළ දමා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බත් පතේ මිල මෙයට පෙර පැවතුණේ  රුපියල් 200/= ලෙසය. නව මිල සංශෝධනය අනුව එය රුපියල් 300/= දක්වා ඉහළ යනු ඇත. පාර්ලිමේන්තු මාධ්‍යවේදියකුගේ ආහාර වේලක් සඳහා මෙතෙක් වැය කෙරුණු  මුදල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x