ආප්ප, බිත්තර ආප්ප සෑදීම 50% අඩුවේ . . .

දිවයින පුරා ආප්ප, බිත්තර ආප්ප, නිෂ්පාදනය කිරීම 50% කින් අඩු වී ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ පාරිභෝගිකයන් ආප්ප මිලදී ගැනීම සීමා කිරීම මෙන්ම ආප්ප බාස්ලාට ගෙවන වැටුප වැඩි නොකිරීම හේතුවෙන් ඔවුන් වෙනත් රැකියා සඳහා යොමුවීමට මෙයට හේතු වී ඇතැයි ඔහු වැඩි දුරටත් කියා සිටියේය. රට පුරා ආප්ප බාස්ලා 5,000 කට අධික පිරිසක් සේවය කළ බවත්, මේ තත්ත්වය හමුවේ ආප්ප බාස්ලා විශාල පිරිසක් රැකියාව අත්හැර ගොස් ඇති බවත් හෙතෙම පැවසීය.

පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී පරිභෝගිකයන්ට ආප්පයක, බිත්තර ආප්පයක රස බැලීමටවත් නොලැබෙනු ඇතැයි ද අසේල සම්පත් වැඩිදුරටත් කියා සිටියා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අත්හිටවූ භාණ්ඩ ආනයන සීමා ලිහිල්වේ . . .

Thu Sep 29 , 2022
  පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. අද (29) පස්වරුවේ ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි හෝ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x