උග්‍ර අමුද්‍රව්‍ය හිඟය නිසා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව අවදානමක . . .

කඩදාසි මෙන්ම අමුද්‍රව්‍යවල පවතින උග්‍ර හිඟය නිසා රජයේ ගැසට් පත්‍ර, පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා ඇතුළු එදිනෙදා සිදුකෙරෙන මුද්‍රණ කටයුතු සියල්ල කරගෙන යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ගැසට් පත්‍ර ඇතුළු රජයට අදාළ අනෙකුත් මුද්‍රණ කටයුතුවලදී මුද්‍රණය කරනු ලබන පිටපත් ප්‍රමාණය මේ නිසා අඩුකර මුද්‍රණය කරන ලෙසට ත් මුද්‍රණ වියදම් හැකිතාක් සීමා කරන ලෙසටත් උපදෙස් ලැබී ඇති බවද දැනගන්නට ඇත. රජයේ මුද්‍රණාලයට අවශ්‍ය කඩදාසි, මුද්‍රණ කටයුතු සඳහා භාවිත කරන තීන්ත, ප්ලේට් ආදිය මිලදී ගැනීමේ අපහසුතාව මෙම තත්ත්වයට ප්‍රධානවී ඇති අතර සැපයුම්කරුවන් විවිධ මිල ගණන් ඉදිරිපත් කිරීමත් නිසා බරපතළ තත්ත්වයක් මෙසේ නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

මුද්‍රණ යන්ත්‍ර සඳහා අවශ්‍ය අමතර උපකරණ විවෘත වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට නොමැති වීම නිසා හදිසි නඩත්තු කටයුතු සිදුකර ගැනීමටද නොහැකි තත්ත්වයක් පවතින බවද දැනගන්නට ඇත. මෙම තත්ත්වය මත ඉදිරියේදී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේදී ගැටලු රැසකට මුහුණ පෑමට අනිවාර්යයෙන් ම සිදුවන බව රජයේ මුද්‍රණාලයීය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය ගැසට් මගින් තහනම් කර ඇති අතර එම භාණ්ඩ ලැයිස්තුවෙහි මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව‍්‍යයද ඇතුළත්ව ඇති බැවින් මෙම තත්ත්වය මගහැරවීමට කඩිනම් විසඳුමක් ඇති නොවුවහොත් මුද්‍රණාලයේ කටයුතු ඇනහිටීම හරහා මුද්‍රණාලය වසාදැමීමට සිදුවීමේ අවදානමක් පවතින බව ද වාර්තා වේ. එසේම පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේදී මැතිවරණ කොමිෂන් සභාව මගින් සිදු කළ යුතු මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය හා තීන්ත වර්ග නොමැතිවීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති අතර ඡන්ද විමසීම සඳහා වැය කළ යුතු වියදම් අනපේක්ෂිත අන්දමට ඉහළ යාම නිසා ඉතිහාසයේ මෙතෙක් වැය නොවූ අති විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේ ය.

මෙම තත්ත්වය සියලු ම මුද්‍රණකරුවන්ට බලපා ඇති බව මුද්‍රණකරුවෝ පවසති.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දරුවන් නැවත පාසල් යැවූ පාදුක්ක පොලිසියේ සත්ක්‍රියාව . . .

Sat Oct 1 , 2022
ආර්ථික අපහසුතා හේතුවෙන් වසරක පමණ කාලයක් පාසල් නොගොස් සිටි පාදුක්ක ප්‍රදේශයේ කුඩා දරුවන් තිදෙනකුට පාදුක්ක පොලිසියේ මැදිහත්වීම මත නැවත පාසල් යෑමට අවස්ථාව සලසා දී තිබේ. වසර 6, 8, 9 වියෙහි පසුවන දරුවන් තිදෙනා දීර්ඝ කාලයක සිට පාසල් නොඑන බවට පාදුක්ක මල්ගල මහා විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් පිළිබඳව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x