රටෙන් බාගයක් සමෘද්ධිලාභීන් . . .

පවත්නා ආර්ථික අර්බුදකාරී තත්ත්වය නිසා රටේ සමෘද්ධි සහනාධාර ලබන පුරවැසියන් ගණන කෝටියකට ආසන්න වී ඇතැයි වාර්තා වෙයි. පසුගිය වසර මුල්භාගය වනවිට එම සංඛ්‍යාව ලක්ෂ 68 ක් හෙවත් පවුල් ලක්ෂ 17 ක් (එක් පවුලකට හතරදෙනා බැගින්) විය.

එහෙත් මේ වසරේ එම පවුල් ලක්ෂ 17ට අමතරව තවත් පවුල් 7,26,000 ක් (හත්ලක්ෂ විසිහය දහසක්) සමෘද්ධි ආධාර පොරොත්තු ලේඛනයට එක්ව සිටින බව මුදල් අමාත්‍යංශයේ නවතම වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව එක් පවුලකට හතරදෙනා බැගින් වන සේ ගණන් බලන විට නව සමෘද්ධිලාභීන් ලක්ෂ 29 ක් පමණ සහනාධාර ඉල්ලන මට්ටමට පත්ව සිටිති.

රටේ සමස්ත ජනගහණය ලක්ෂ 222 ක් පමණ වෙද්දී එයින් ලක්ෂ 100 කට ආසන්න ගණනක් සමෘද්ධිලාභීන් බවට පත්වීම වාර්තාගත සිදුවීමක් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

  • දේශපාලන වාර්තාකරු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උග්‍ර අමුද්‍රව්‍ය හිඟය නිසා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව අවදානමක . . .

Sat Oct 1 , 2022
කඩදාසි මෙන්ම අමුද්‍රව්‍යවල පවතින උග්‍ර හිඟය නිසා රජයේ ගැසට් පත්‍ර, පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා ඇතුළු එදිනෙදා සිදුකෙරෙන මුද්‍රණ කටයුතු සියල්ල කරගෙන යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ගැසට් පත්‍ර ඇතුළු රජයට අදාළ අනෙකුත් මුද්‍රණ කටයුතුවලදී මුද්‍රණය කරනු ලබන පිටපත් ප්‍රමාණය මේ නිසා අඩුකර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x