පෙට්‍රල් ඉන්ධන මිල අඩු කලද වාහන අමතර කොටස් මිල ඉහල යාම හමුවේ තමන්ට වාහන නඩත්තු කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව රියදුරන් පවසයි. පෙට්‍රල් ඉන්ධන ලිටරයක මිල ඛනිජ තෙල් නිතිගත සංස්ථාව විසින් ඊයේ (01) දින රු 40/= කින් මිල අඩු කලද වැඩි කල මිලට සාපෙක්ෂව එය ප්‍රමාණවත් නොවන බව පෙට්‍රල් වාහන හිමියන් පැවසිය.
දිනෙන් දින වාහන වල අමතර කොටස් මිල ඉහල යාම හමුවේ ඉන්ධන මිල අඩුවිමේ වාසිය තමන්ට ලබාගත නොහැකි බවත්, ජාතික ඉන්ධන නිකුත් කිරිමේ අවසරපත්‍රයට (QR) කේතය අනුව තමන්ට සතියකට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය කිසිසෙත් ප්‍රමාණවත් නොවන බවයි පෙට්‍රල් වාහන හිමියන් කියා සිටින්නේ.
– රංජිත් රාජපක්ෂ