2022 වසරේ රසායන විද්‍යාව සඳහා පිරිනමන නොබෙල් ත්‍යාගය මෙවර, කැරොලින් ආර්. බර්ටෝසි, මෝර්ටන් මෙල්ඩල් සහ කේ. බැරී ෂාප්ලස් යන රසායනික විද්‍යාඥයින් වෙත පිරිනැමීමට රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමිය තීරණය කර තිබේ. රසායන විද්‍යා ක්ෂේත්‍ර දෙකක් වන click chemistry සහ bioorthogonal chemistry වැඩි දියුණු කිරීම වෙනුවෙන් ඔවුන්ට මෙවර නොබෙල් ත්‍යාගය පිරිනමා ඇත. විදෙස් […]

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර ඇති හමර් (Hummer) වර්ගයේ රථයක් රාජසන්තක කිරීමෙන් අනතුරුව පැවති වෙන්දේසියකදී එය ආනයනය කළ පුද්ගලයාටම ලබා දීම සහ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රේගු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. අදාළ වාහනය තව ත් වාහන […]

වැල්ලවායේ පිහිටි ලංකා අයි.ඕ.සී ඉන්ධන පිරවුම් හලකට සම්පූර්ණයෙන් මුද්‍රා තැබූ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ, අදාළ ලංකා අයි.ඕ.සී ඉන්ධන පිරවුම් හල පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව එක්ව සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව […]

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථන සමාගම් සිය ගාස්තු නැවත වරක් ඉහළ දැමීමට තීරණය කර තිබේ. මෙම මස සිට 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බවයි එම සමාගම් නිවේදනය කරයි. ඒ අනුව අද සිට පෙරගෙවුම් රීලෝඩ් පැකේජද වෙනස් වන අතර, නව ගාස්තු සම්බන්ධයෙන් […]

2024 සඳහා වන එක්සත් ජනපද විවිධත්ව වීසා වැඩසටහන (GREEN CARD) අද (05) දින සිට අයදුම්පත් සඳහා විවෘත වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සාමාන්‍යයෙන් “GREEN CARD” ලෙස හඳුන්වන මේ සඳහා අද රාත්‍රී 09.30 සිට ප්‍රවේශය සඳහා ලබා ගත හැකිය. විවිධත්ව වීසා වැඩසටහන 2024 සඳහා වන අයදුම්පත් 2022 නොවැම්බර් 08 […]

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් මත ලබාදුන් විශේෂ පොලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍ර ලාභී බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව ලිපියක් මගින් දැනුම් දී තිබේ. කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව මෙසේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් මත ලබාදෙන විශේෂ පොලී අනුපාතිය අත්හිටුවීමට කටයුතු […]

මැලේසියාවේ නීතියට අනුව සංචාරක වීසා මගින් මැලේසියාවට ඇතුල් වූ පසුව කිසිදු අයුරකින් අදාළ වීසා රැකියා වීසා බවට මාරුකරගත නොහැකි බව විදේශ සේවා කාර්යාංශය පවසයි. එම කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ ඒ අනුව මැලේසියාව තුළ රැකියාවල නිරතවීමේ අපේක්ෂාවෙන් සංචාරක වීසා ඔස්සේ විදෙස්ගතවීම නොකරන ලෙසටය. මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසා විවිධ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.