ආගමික සිද්ධස්ථාන සඳහා විදුලි ගාස්තු සහනයක් . . .

2022 අගෝස්තු 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි ඒකකයක් සඳහා විදුලි ගාස්තුව රුපියල් 32 ක් වනු ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි සභාපති ජනක රත්නායක පෙන්වා දෙන්නේ ආගමික සිද්ධස්ථාන සඳහා එලෙස විදුලි ගාස්තු සහන ලබාදෙන බවය. ඒ අනුව විදුලි ඒකක 180 ට වැඩි ප්‍රමාණයක් භාවිත කරන ආගමික සහ පුණ්‍ය ආයතන පොදු කාර්ය කාණ්ඩය යටතට ගෙන තිබේ.

“පුණ්‍ය ආයතන සඳහා දැනට 500% කින් වැඩිවෙලා තිබෙන අය ක්‍රමය යථාතත්ත්වයට පත්කරන්න අපි ක්‍රියාමාර්ග ගත්තා. ඒ අනුව වැඩිවුණ විදුලිබිල ඉක්මනින් අඩුවෙයි. පුණ්‍ය ආයතනත් තමන්ගේ විදුලිබිල පාලනය කරගන්නත් ඕනේ. අගෝස්තු 10 වනදා අපි විදුලි බිල වැඩි කරපුවාම කලින් රුපියල් 1.75 ක් ගෙවපු ඒකකයක මිල රුපියල් 75 දක්වා වැඩිවුණා. මේ වගේ ආගමික, පුණ්‍ය ආයතන 48,000 ක් විතර ලංකාවේ තිබෙනවා. පොදු කාර්ය සඳහා අපි අයකරනු ලබන්නේ රුපියල් 32 ක මුදලක්. අගෝස්තු මාසයේ සිට පොදු කාර්ය යටතේ මෙම ආයතන ගත්තාම ඒ වැඩිවෙන බිල අඩුවෙනවා. ඒ වගේම වැඩිවුණු බිල අඩු කරගැනීම සඳහාත් විදුලිය විසන්ධි කරන්න එපා කියන කරුණුත් අපි විදුලිබල මණ්ඩලයට දන්වලා තියෙන්නේ. විදුලි ඒකක 30 ට වඩා අඩු නම් රුපියල් 8යි. අපිට වියදම යනවා රුපියල් 32 ක්. එතකොට ඒකක 60 ට වඩා අඩුනම් ඒකකයකට ගෙවන්නේ රුපියල් 12 යි. ඒකක 90 ක් භාවිත කරනවා නම් ඒකකයක් රුපියල් 16 යි. ඒ කියන්නේ අඩු ආදායම් ලබන ජනතාවට අවශ්‍ය සහනාධාරය අපි දැනටමත් දීලා තියෙන්නේ.”

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කළුතරින් යලි නැගිටින මහින්ද . . .

Sat Oct 8 , 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවතින ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු යැයි පිළිගන්නා බව එම පක්ෂයේ වැඩබලන ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි. ‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු’ යන ජනරැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට ගෙනඒමට දායක වූ තරුණ පරම්පරාව බලාපොරොත්තු වූ ක්‍රම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x