තිළිණි ප්‍රියමාලි සමඟ සම්බන්ධතා පැවැත්වූ අයගෙන් ප්‍රශ්න කෙරේ . . .

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන යමින් විශාල මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තිකෝ ගෲප් පුද්ගලික සමාගමේ හිමිකාරිය තිළිණි ප්‍රියමාලි සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලය ප්‍රතික්ෂේප කරයි. එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වාර්තා සහ ඡායාරූප අසත්‍ය සහ පදනම් විරහිත බවයි. තිළිණි ප්‍රියමාලි ද සහභාගි වූ උත්සවයකට ශිරන්ති රාජපක්ෂ සහභාගී වන අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ ජාලවල සංසරණය වුවත් එය පසුගිය වසරේ මාර්තු මාසයේදී ශිරන්ති රාජපක්ෂ චිත්‍රපටයක් එළිදැක්වීමේ උත්සවයකට සහභාගි වී සිටියදී ලබා ගත් එකක් බව එම නිවේදනයේ සදහන්ය.

තවද මෙම කාන්තාව සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකු ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකාරියගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු මෙම නිළියන් සමඟ පැවැති සබඳතා හෙළි වී ඇත. මෙම මූල්‍ය සමාගමට මුදල් ආයෝජනය කළ කෝටිපති පුද්ගලයන් මුදල් ඉල්ලා සිටින අවස්ථාවලදී ඇය ඔවුනට මෙම නිළියන් සම්බන්ධ කර ඇතැයිද හෙලි ව ඇත. එම කෝටිපතියන් සමග අදාළ රංගන ශිල්පිනියන් සිදුකරන සංවාද පටිගත කර ඒවා ව්‍යාපාරිකයන්ට පෙන්වා ඔවුන් බිය පත් කර තිබේ. ඒ සඳහා ආ රංගන ශිල්පිනියකට එක් අවස්ථාවක් සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් මුදල් ගෙවා ඇත. අදාල සංවාද හඬපට  මේ වන විට රහස් පොලිසිය භාරයේ පවතී.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රහත් වී ඇතැයි පවසන භික්‍ෂුවකගෙන් ප්‍රශ්න කෙරේ . . .

Sat Oct 8 , 2022
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් ව්‍යාපාරිකයන් මුලාකර මුදල් වංචා කළැයි චෝදනා එල්ල වූ තිළිණි ප්‍රියමාලී නම් කාන්තාව පිළිබඳව තවත් කරුණු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ. තමන්ගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කරන ලෙස බලකරමින් ඇය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 7,500 ක මුදලක් ලබාගෙන ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති බව අපරාධ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x