සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බදුවලින් නිදහස් . . .

දේශීය සනීපාරක්ෂකතුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බදුවලින් නිදහස් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඔක්තොම්බර් මස 07 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පොලිතීන් පටල සහ පොලිප්‍රොප්ලීන් පටල යටතේ වර්ගීකරණය වන අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ දී බදුවලින් නිදහස් කර තිබේ. අදාළ භාණ්ඩ කර්මාන්ත විෂය භාර අමාත්‍යංශ ලේකම්ගේ නිර්දේශ මත රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටතේ බදුවලින් නිදහස්ව ආනයනය කිරීමට හැකි වේ.

දේශීය සනීපාරක්ෂක තුවා වල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ නිෂ්පාදනවල අමුද්‍රව්‍යවල බදු ඉවත් කිරීමට පසුගිය සතියේ තීරණය කරනු ලැබීය. ඒ අනුව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර මේ හේතුවෙන් සනීපාරක්ෂක තුවාවල මිල ගණන් අඩුවනු ඇති බව වාර්තා වේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොමිස් මුදල 20% කරන්න, ලොතරැයි අලෙවි නියෝජිතයන් ඉල්ලයි

Sun Oct 9 , 2022
දැනට ලොතරැයි පතක් වෙනුවෙන් ලබාදෙන 17.05% ක කොමිස් මුදල  20% දක්වා කඩිනමින් වැඩි කිරීමට අවශ්‍ය පියවර නොගතහොත් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක යෙදීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ පැවසීය. කොමිස් මුදල 20% දක්වා වැඩි කිරීමට වසර දහයක පමණ සිට ජාතික සහ සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපතිවරුන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x