මේ වසරේ ඔක්තෝබර් පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන සියලු පුද්ගලයින්ගෙන් ආදායම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් පනතට සංශෝධන කෙටුම්පතක් රජය ඉදිරිපත් කර තිබේ. දැනට පවතින දේශීය ආදායම් පනත අනුව වාර්ෂික පුද්ගල ආදායම රුපියල් ලක්ෂ 30 ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන් රජය ආදායම් බදු අයකරගනු ලබයි. […]

බොරතෙල් නොමැති නිසා ඉකුත් 07 වැනිදා සිට නැවත වරක් සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමත් සමග භූමිතෙල් හිඟය යළිත් දරුණු අතට හැරී ඇතැයි තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළා. දෛනික භූමිතෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 450 – 500 ත් අතර වන මුත් මේ වනවිට දිනකට වෙළෙඳපොළට නිකුත් කරන්නේ මෙට්‍රික් ටොන් 50 ක් වැනි අඩු […]

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන වසරේ මැයි මස 06 වනදා වෙස්ට්මිනිස්ටර් ඇබේහීදි පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාලිඟාව නිවේදනය කළේ ය. දෙවන එළිසබෙත් මහ රැජිනගේ අභාවයෙන් පසු ඇයගේ පුත් තුන්වන චාල්ස් කුමරුට රජකම හිමි විය. ඔහුගේ රාජාභිෂේකයක් මෙතෙක් පැවැත්වූයේ නොමැති අතර චාරිත්‍රානුකූලව බොහෝ සංදර්ශන මධ්‍යයේ රාජාභිෂේකය සිදු කරමින් චාල්ස් රජුගේ හිස […]

කෘතීම බුද්ධි නිර්මාණය කිරීම සහ එහි ඵලදායිතාවයන් ඉහළ නැංවීම වෙනුවෙන් ලොව පුරා විද්‍යාඥයන් වෙහෙසෙනවා. ඉතින් මේ කියන්න යන්නෙත් එලෙස නිර්මාණය වූ කෘතීම බුද්ධි රොබෝ යුවතියක් ගැනයි. 🤷‍♀️ බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයන් විසින් නිර්මාණය කළ කෘතීම බුද්ධි රොබෝ යුවතියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සාමි මණ්ඩලය ඇමතුවා. 🤷‍♀️ එලෙස කෘතීම බුද්ධි රොබෝ […]

වර්තමානයේ ලංකාවේ සෑම පාසලකම පාහේ ඉගැනුම් කාලය අවසන් වීමෙන් අනතුරුව විසිර යාමට ප්‍රථමයෙන් සජ්ඣායනා කරනු ලබන ‘යො වාදතං පවරෝ’ ගාථාව අසා නොමැති පුද්ගයකු මෙරට නොමැති තරම් වුවත් බොහෝ වි⁣ට සාව්‍ය උච්චාරණ සහිතව අර්ථය නොදැන සජ්ඣායනා කිරීම දක්නට ලැබෙයි. මෙම ගාථා වනාහි සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ විමානවත්ථු පාළියේ මහාරථ වග්ගයේ ඡත්ත […]

නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ කෝටි තුනහමාරක් පමණ වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් තිලිණි ප‍්‍රියමාලි සතුව තබාගෙන ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සඳහන් කළේය. වසර තුනක පමණ කාලයක් තිස්සේ ඒ සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කිසිවක් ප්‍රකාශ නොකරන ලද බවත් ඊට හේතු වී ඇත්තේ ඇය සතුව තිබූ […]

රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් 263 දෙනෙකුට කරාපිටිය වෛද්ය පීඨයට ඇතුළු වීම තාවකාලිකව තහනම් කර තිබේ. විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සඳහන් කරන්නේ රුහුණු විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියනට කොන්දේසි පනවමින් අපහසුතාවයට පත් කිරීමේ සිදුවීමක් සම්බන්ධ විමර්ශන අවසන් වන තෙක් මෙම පන්ති තහනම පනවා ඇති බවයි. විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරේ සිසුන් පිරිසක් මෙසේ පන්ති […]

මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි අද දහවල් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ 34 වන මහලේ පිහිටා ඇති ඇයගේ කාර්යාලය වෙත රැගෙන ආවේය. අධිකරණයෙන් ලද නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මත විමර්ශන කටයුතු සඳහා ඇයව මෙසේ බන්ධාගාරයෙන් පිටතට ගෙන ගොස් ඇත. බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමේදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.