නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ කෝටි තුනහමාරක් පමණ වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් තිලිණි ප‍්‍රියමාලි සතුව තබාගෙන ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සඳහන් කළේය. වසර තුනක පමණ කාලයක් තිස්සේ ඒ සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කිසිවක් ප්‍රකාශ නොකරන ලද බවත් ඊට හේතු වී ඇත්තේ ඇය සතුව තිබූ දේශපාලන බලය බවත් ඔහු පැවසීය. නමුත් පොලිසිය විසින් අදාල කාන්තාව අත්අඩංගුවට ගත් පසු හිමියන් ඒ පිළිබඳව පැමිණිලි කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මාල දිවයිනේ ජනාධිපතිවරයාද තිලිනි ප‍්‍රියමාලි නම් කාන්තාවගේ ව්‍යාපාරවල ආයෝජනය කර ඇතැයි හිටපු හමුදා නිලධාරියෙකු හා නිදහස් මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායක සඳහන් කරයි. එවන් ප‍්‍රභූ පුද්ගලයන් රැසක් ඇය වෙත මුදල් ආයෝජන කර ඇති බවත් ඒවා කළු සල්ලි බවත් පවසන ඔහු ඒ බව සනාථ කල හැකි බවද කියා සිටී. අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කරයි.
තිලිනි ප‍්‍රියමාලි නම් කාන්තාව බිලියන ගණනාවක මූල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.