තිළිණි ප්‍රියමාලි විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යයි . . .

මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි අද දහවල් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ 34 වන මහලේ පිහිටා ඇති ඇයගේ කාර්යාලය වෙත රැගෙන ආවේය.

අධිකරණයෙන් ලද නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මත විමර්ශන කටයුතු සඳහා ඇයව මෙසේ බන්ධාගාරයෙන් පිටතට ගෙන ගොස් ඇත. බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමේදී ඇයට මාංචු යොදා නොතිබූ අතර ඊට හේතුව අත්අඩංගුවේ පසුවන කාන්තාවන්ට සහ දරුවන්ට මාංචු දැමීම සිදු කිරීම නීතියෙන් තහනම් වීම බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේ තවත් ස්ථාන 4 කට ඇය විමර්ශන කටයුතු සඳහා රැගෙන යාමට කටයුතු කර ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් පන්ති තහනමකට ලක්වේ . . .

Wed Oct 12 , 2022
රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් 263 දෙනෙකුට කරාපිටිය වෛද්ය පීඨයට ඇතුළු වීම තාවකාලිකව තහනම් කර තිබේ. විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සඳහන් කරන්නේ රුහුණු විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියනට කොන්දේසි පනවමින් අපහසුතාවයට පත් කිරීමේ සිදුවීමක් සම්බන්ධ විමර්ශන අවසන් වන තෙක් මෙම පන්ති තහනම පනවා ඇති බවයි. විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරේ සිසුන් පිරිසක් මෙසේ පන්ති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x