කෝච්චි ටිකට් හිගයක් . . .

“දුම්රිය ප්‍රවේශ පත්‍ර හිඟය තියෙනවා. දැන් අලව්ව දුම්රිය ස්ථානයේ ලබන සතියෙන් පස්සේ නිකුත් කිරීමට ප්‍රවේශපත්‍ර නැති තත්ත්වයකට දැඩි අර්බුදය පත්වෙලා. දුම්රිය ස්ථානාධිපතිවරයා දිගින් දිගටම ප්‍රවේශපත්‍ර ඉල්ලුම් කළත් අදාළ ප්‍රවේශපත්‍ර මේ වෙනකොටත් ලබාදීලා නැහැ. මේකට හේතුව වෙලා තියෙන්නේ මුද්‍රණය පිළිබඳව ඇති මන්දගාමී ස්වභාවය. ඉස්සර රජයේ මුද්‍රණාලය හරහා අපේ ප්‍රවේශපත්‍ර මුද්‍රණය කිරීම කළා. දැන් දෙපාර්තමේන්තුව මගින් පමණයි මුද්‍රණය කරන්නේ. නමුත් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් බලාගෙන ඉන්නවා ඩිජිටල් තාක්ෂණයත් එක්ක නව ප්‍රවේශපත්‍ර ක්‍රමය එයි කියලා. ඔවුන් සිහින දකිනවා ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකොට මේ ක්‍රමවේදය එනවා කියලා. නමුත් ඒක එනතුර පවතින ක්‍රමයෙන් යන්න ඔ්නේ. මෙකෙන් පීඩාවට පත්වෙන්නේ මගියා සහ දුම්රිය ස්ථානාධිපතිවරයා. මේවාට කඩිනමින් කටයුතු කරයි කියලා අපේ විශ්වාසය තියෙනවා.”

එමෙන්ම ලබන සතිය වනවිට අලව්ව දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර හිඟවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඉල්ලන්නේ එය හැකි ඉක්මනින් නිරාකරණය කරන ලෙසයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි . . .

Thu Oct 13 , 2022
ඉදිරි පැය 24 කාලයකට බලපැවැත්වෙන රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්ක දෙක සඳහා පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව කලුතර දිස්ත්‍රික්කයේ ඉංඟිරිය, බුලත්සිංහල, වළල්ලාවිට, පාලින්ද නුවර සහ දොඩංගොඩ ප්‍රදේශවල නායයෑමේ අවධානම් ඇතිවිය හැකි බව අද (13) පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. එමෙන් ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, රත්නපුර , […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x