නාවලපිටියේ දැවැන්ත උද්ඝෝෂණයක් . . .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරනු ලබන ‘එක්ව නැගිටිමු’ ජන රැලි මාලාවේ දෙවැන්න අද (16) ආරම්භ වුණා. ඒ නාවලපිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රැස්වීම් ශාලාවේදියි. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගේ සම්බන්ධීකරණයෙන් මෙම රැලිය පැවැත්වෙනවා. මේ සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල දේශපාලන නායකයින් රැසක්  එක්වී තිබේ.

නාවලපිටිය, කොත්මලේ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම හේතුවෙන් සමගි ජන බලවේගයේ සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ජීවන වියදම ඉහළයෑම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් නාවලපිටිය නගර මධ්‍යයේ අද (16) එම උද්ඝෝෂණය ආරම්භ කර තිබුණේ සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව ඇතුළු පිරිසක් විසිනි. එම නිසා නාවලපිටිය නගරයේ ආරක්ෂාව මේවන විටත් තර කර ඇති බවයි වාර්තාවෙන්නේ.

පසුව එම පිරිසක උද්ඝෝෂණය සිදුකිරීමට නාවලපිටිය දිස්ත්‍රික් රෝහල අසල සිට නාවලපිටිය නගරයට පැමිණෙන අතරතුර නාවලපිටිය පොලීසියේ නිලධාරීන් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නාවලපිටිය නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් සිදුකිරීමට අවසර ලබාගෙන නොමැති බව පවසා තිබේ.

නාවලපිටියේ දෙවැනි ජන රැලියේ වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු නතර කරයි . . .

Sun Oct 16 , 2022
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු අලුතින් ආරම්භ කිරීම නතර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට අලුතින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් ආරම්භ නොකරන අතර දැනට ආරම්භ කර ඇති ස්ථාවර තැන්පතු කල් පිරුණු පසුව දීර්ඝ නොකරන බවද වානිජ බැංකු කියයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් ලක්ෂ 15ක උපරිම ස්ථාවර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x