ස්වභාවික ද්‍රව වායු බලාගාරයේ වැඩ කඩිනම් කරයි . . .

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ස්වභාවික ද්‍රව වායු බලාගාරය (එල්.එන්.ජී) වන “සොබ දනවි බලාගාරය” කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය අති නවීන තාක්ෂණයෙන් යුත් ටර්බයිනය  කොළඹ වරායට රැගෙන ආ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

වසර ගණනාවකින් මෙරට කිසිඳු විදුලි ව්‍යාපෘතියක් අලූතින් ආරම්භ කර නැති අතර මෙගාවොට් 350 ක ධාරිතාවයකින් යුත් මෙම ස්වභාවික ද්‍රව වායු බලාගාරය මෙරට පවතින විදුලි අර්බුදයට දැවැන්ත විසඳුමක් වන අතර රටේ විදුලි කර්මාන්තය ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයක් යැයිද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. ජර්මනියේ සුප‍්‍රසිද්ධ සිමන්ස් සමාගම නිෂ්පාදනය කළ මෙම ගෑස් ටර්බයිනය අතිනවීන තාක්ෂණයෙන් යුත් එකකැයිද විදුලි බල මණ්ඩලය පවසයි.

අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යාම අතිශය අභියෝගාත්මක වී ඇති අවස්ථාවක මෙගා වොට් 350 ක ධාරිතාවයෙන් යුතු සොබ දනවි විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු බාධක සහ අභියෝග මධ්‍යයේ  සිදුවන බව විදුලිබල මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් පැවසුවේය.

දැනට, ශ‍්‍රී ලංකාවේ ඉදිවෙමින් පවතින එකම එල්.එන්.ජී බලාගාරය  “සොබ දනවි විදුලි බලාගාරය”  වන අතර වසර කිහිපයකට පසු රට තුළ ඉදිකිරීම් ආරම්භ කළ එකම මහා පරිමාණ බලාගාරයද  වේ. පළමු අදියර යටතේ මෙගාවොට් 220 ක් ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට නියමිත අතර දෙවන අදියර යටතේ තවත් මෙගා වොට් 130 ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිතය. ඇමෙරිකානු ඩොලර් මිලියන 220 ක වටිනාකමින් යුත් ව්‍යාපෘතියේ මෙහෙයුම් සහ නඩත්තු කොන්ත‍්‍රාත්කරු ලක්දනවි සමාගම වන අතර සොබදනවි සමාගම ව්‍යාපෘතිය භාරව කටයුතු කරයි. ලක්දනවි සමාගම ලංකා විදුලිබල මණ්ඩලයට කොටස් අයිතිය හිමි එල්.ටී.එල් සමූහ ව්‍යාපාරයට අයත් සමාගමකි.

එල්.ටී.එල් සමූහ ව්‍යාපාරය 1996 වසරේ සිට බංගලාදේශය, මාලදිවයින, නේපාලය වැනි රටවල විශාල පරිමාණයේ විදුලි ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන ශ‍්‍රී ලාංකීය සමාගමකි.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නව මදුරු විශේෂයක් ලංකාවෙන් සොයාගැනේ . . .

Sun Oct 16 , 2022
ශ්‍රී ලකාවේ ජෛව විවිධත්වය වැඩි කරමින් නව මදුරු විශේෂයක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීටවිද්‍යා කණ්ඩායම සමත්ව තිබේ. එම මදුරු විශේෂය ශ්‍රී ලංකාවෙ මීරිගම සහ කළුතර ප්‍රදේශවලින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ දිස්නක දිසානායක පවසයි. Culex(lephoceraomyia) cinctellus කියුලෙක්ස් සින්ටෙලස් නැමති මෙමෙ විශේෂය දැනට තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවලින් වාර්තා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x