ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනසක් නෑ . . .

පෙට්‍රල් මිල අඩු වුවත් ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනසක් සිදු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් ප්‍රකාශ කළේය. ගාස්තුවේ වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නම් ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කොටා ප්‍රමාණය වැඩි කළ යුතු බවත් ජයරුක් පැවසීය. දැනට සතියකට ලබා දෙන පෙට්‍රල් ලීටර් 5 ක ප්‍රමාණය දෛනිකව ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු සඳහන් කළේය.

රජය ඉන්ධන මිල අඩු කළත් කලු කඩවලින් වැඩි මිලට පෙට්රල් මිල දී ගැනීමට සිදු වන බැවින් තෙල් මිල අඩු කිරීමෙන් තමන්ට ලාභයක් නොවන බවත් සභාපතිවරයා කීවේය. තමන්ට ලබාදෙන ඉන්ධන කොටා ප්‍රමාණය වැඩි කරන්නේ නම් අනිවාර්යයෙන්ම ත්‍රිරෝද රථ ගාස්තු ප්‍රමාණය පහළ දැමීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.

මේ වන විට පළමු කිලෝමීටරය සඳහා රුපියල් 120/= ක මුදලකුත් එතැන් සිට සෑම කිලෝමීටරයක් සඳහාම රුපියල් 100/= බැගින් අය කරන බවත් ඔහු කීවේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය නෙරපා දැමීමේ කුමන්ත්‍රණයක් . . .

Mon Oct 17 , 2022
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්, එම ධුරයෙන් නෙරපා දැමීමේ කුමන්ත්‍රණය මේ වනවිට ආරම්භ වී ඇති බවත්, ඉදිරි දින කීපය අග්‍රාමාත්‍යවරියට තීරණාත්මක වනු ඇති බවත්, ‘ඩේලිමේල්’ වෙබ් අඩවිය පවසයි. තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා දැමීමට උත්සාහ ගන්නා පාලක කොන්සවර්ටිව් පක්ෂ මන්ත්‍රීවරුන්ට ලිස් ට්‍රස් අනතුරු අඟවමින් පවසාඇත්තේ, තමන් බලයෙන් නෙරපා දැමීමට ගන්නා උත්සාහය මහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x