අප දැන් සිටින්නේ බරපතළ මූල්‍ය අර්බුදයක, දිනේෂ් ගුණවර්ධන පවසයි . . .

දේශපාලන න්‍යායන්ගෙන් තොරව ගමේ බලය රටේ ආර්ථික පරිපාලනය බවට පත්කරගත යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. කළුතර දිස්ත්‍රික් ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රගති සමාලෝචන රැස්වීම සහ දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත් වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

අප දැන් සිටින්නේ බරපතළ මූල්‍ය අර්බුදයක මෙන්ම විශාල විදේශ විනිමය අර්බුදයක බැවින් මෙම අර්බුදය ජය ගැනීමට නම් දේශපාලන භේද නොසලකා සියළු දෙනා අත්වැල් බැඳ ගත යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය වරයා –

රටක් ලෙස කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අතිරික්තයක් පවත්වා ගෙන යා යුතුමයි. අනෙක් පැත්තෙන් වැවිලි කර්මාන්තය අපගේ අපනයනයට රුකුල් දෙන ප්‍රධාන ක්ෂේත්‍රයක්. අපට හංගන්න දෙයක් නැහැ. එයින් ගොඩ එන්න අපි අත්වැල් බැඳගෙන උත්සාහ දැරිය යුතුයි. ආහාර සුරක්ෂිතතා ක්‍රියාදාමයට සියලු දෙනාට සහභාගි විය හැකි ලෙස ගම් මට්ටමෙන් ග්‍රාම සේවා කොට්ඨාශවල සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය දක්වා මෙන්ම දිස්ත්‍රික්ක මට්ටමින් ජාතික මට්ටමින් එකතු වෙන්න පුළුවන් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරෙනවා.

නිෂ්පාදනයේ සිටින ගොවි ජනතාවත් මීට ඒකාබද්ධ කර ගැනීමේ අවශ්‍යතාවය අපි ප්‍රමුඛත්වයෙන් සලකනවා. එම ඉලක්කයන් සපුරා ගැනීම සඳහා වන අඩුපාඩු විවිධ යන්ත්‍රෝපකරණ පොහොර කෘමිනාශක සහ කල් තබා ගැනීමේ හැකියාව ඇතිකර ගැනීම, වෙළඳපොලට ගෙන ඒම වගේම හොඳ මිලක් ලබා දීමත් පිළිබඳව අවධානය යොමුකළ යුතුයි. මේ අර්බුදය ජාතික අර්බුදයක්. මෙම අර්බුදයට සෑම දෙනාටම මුහුණ දෙන්න සිදුවෙනවා. මෙයින් ගොඩ එන්නට පුළුවන් මහ කන්නයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මේ අර්බුදයෙන් ගොඩ ඒමේ කාලය ජය ගනිමින් අප ඉදිරියට යා යුතුයි.ඒ සඳහා සහය දෙන ලෙස මම හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

වැඩියෙන්ම ගංවතුර ඇති වෙන්නේ කළුතර දිස්ත්‍රික්කයටයි. මහවැලි ගඟට වඩා වතුර ප්‍රමාණයක් ඉතා කෙටි දුරකදී මහ මුහුදට ගලන්නේ මේ දිස්ත්‍රික්කයෙන්. මේ ආහාර අර්බුදය ජය ගනිමින් ජාතික සංවර්ධන වැඩසටහනට අප අවතීරණ විය යුතුයි. විශාල වශයෙන් පරිසර හානියක් ඇති නොවන ආකාරයට වගාකර නොමැති රජයේ ඉඩම් මේ සඳහා ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. මෙවැනි ඉඩම් හඳුනාගත යුතුයි.

ග්‍රාමසේවක මහතා ඇතුළු රජයේ නිලධාරින් මෙන්ම ග්‍රාමීය කමිටුව මේ පිළිබඳ තොරතුරු ඉහලට ගේන්න ඕනේ. ගමේ මට්ටමේ සංවර්ධනය ඉතාම වැදගත්. ලබන සතිය අවසාන වීමට පෙර අප අදාළ තොරතුරු සියල්ල ලබාගැනීමට අපේක්ෂා කරනවා.අවශ්‍ය සියලු සම්පත් ලබා දෙනවා. සෑම ග්‍රාම සේවා කොට්ඨාශයකටම අවශ්‍ය ශක්තිය අපි ලබාදෙනවා. ධීවර කර්මාන්තය අපේ ආහාර නිෂ්පාදනයේ කොටසක්. ධීවර කර්මාන්තයට මහ බැංකුවේ විවිධාංගීකරණයන්ට ඇතුළත් වෙන්නේ නැහැ. එය කාලයක් තිබුනේ කෘෂිකර්මාන්තය ඇතුලේ. ධීවර කර්මාන්තය අපේ ආහාර නිෂ්පාදනයේ කොටසක් පිළිගත යුතුයි. ඒ වගේම ජනතාවගේ ප්‍රෝටීන් දායකත්වය වැඩිකිරීමට හැකි සම්පතක් ලෙස මෙන්ම එහි අතිරික්තය අපනයනය කර හොඳ ආදායමක් ලබන්න පුළුවන් තරමට ධීවර කර්මාන්තය දියුණු කල යුතුයි. ඒ වෙනුවෙන් රජයේ මැදිහත් වීමක් ධීවර ක්ෂේත්‍රයට අත්‍යවශ්‍යයි.

තේ රබර් පොල් වැවිලි බෝග වලින් පස්සේ වැඩිම විදේශ විනිමයක් උපයා ගත හැකි නමුත් තවමත් ඊට අත නොතබා තිබෙන ක්ෂේත්‍රය වන්නේ ධීවර කර්මාන්තයයි. එය ලෝකයම අපෙන් ඉල්ලන අපනයන කර්මාන්තයක්. අපේ දරුවන් සහ ගැබිණි ගැබිනි මාතාවන් පිළිබඳ නිසියාකාරව වාර්තා කළ යුතුයි. ඒ කිසිවකුත් හුද කලා කළ යුතු නැහැ. ඒ තීරණය රජය පැත්තෙන් අරගෙන තියෙනවා. ස්වෙච්ඡා සංවිධාන පෞද්ගලික ආයතන රාශියක් කළුතර දිස්ත්‍රික්කයේ තිබෙනවා.

දරුවන්ගේ මෙන්ම ගැබිණී මාතාවන්ගේ අවශ්‍යතාවයන් සපයාදීමට සහ එම ජීවිත සුරක්ෂිත කරලීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුයි. අපනයනය සහ අලෙවිය සම්බන්ධ විශ්වාසයක් ගොවි ජනතාවට ඇති කළ යුතුයි. අලුත් විදිහට මේ අර්බුදයට මුහුණ දෙන්න ආණ්ඩු පක්ෂය විපක්ෂය සියලු දෙනා එකමුතු විය යුතුමයි. ගමේ ජනතාවට හයිය දීලා ගම් මට්ටමින් රට ගොඩනගන අලුත් වැඩපිළිවෙලකට දොරටුව විවෘත වෙලා තියෙනවා. දේශපාලන න්‍යායන් ගෙන් තොරව ගමේ බලය අප තහවුරු කරගත යුතුයි. ගමේ බලය ආර්ථික පරිපාලනය බවට පත්කරගත යුතුයි. ගමේ බලයේ අතිරික්තය රට පුරා ගමන් කිරීමේ වැඩපිළිවෙළ දියත් කළ යුතුයි.

මෙම අවස්ථාවට අමාත්‍ය විදුර වික්‍රමනායක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, අනූප පැස්කුවල්, පියල් නිශාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, මර්ජාන් ෆලීල්, ලලිත් වර්ණකුමාර කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න, ලලිත් එල්ලාවල, යදාමිනී ගුණවර්ධන රාජය පරිපාලන අමාත්‍යංශ ලේකම් එම්,එම්,පී කේ මායාදුන්නේ කළුතර දිස්ත්‍රීක් ලේකම් ප්‍රසන්න ගිනිගේ  ඇතුළු පිරිසක් සහභාගී වූහ.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රුපියල් කෝටි 25 ක මුදල් වංචාවක් . . .

Tue Oct 18 , 2022
ගනු දෙනුකරුවන් රවටා රුපියල් කෝටි 25 කට ආසන්න මුදලක් වංචා කිරීමේ තවත් සිදුවීමක් වාර්තාවී තිබේ. මෙලෙස මුදල් වංචාවට හසුවී ඇත්තේ ගලෙන්බිඳුනුවැව, දිවුල්වැව, නිකවැව, දුටුවැව සහ ගැටලාව යන ගම්මානවල ගොවි ජනතාවය. ගලෙන්බිඳුනුවැව, දිවුල්වැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මූල්‍ය ආයතනයක් හරහා මෙම මුදල් වංචාව සිදුකර ඇත. සිද්ධිය පිළිබඳව මීට පෙරද බලධාරීන් වෙත පැමිණිලි කළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x