වාහන ජාවාරමේ යෙදුනු මන්ත්‍රී රෝහිතගේ ඥාති පුත්‍රයෙකු අත්අඩංගුවට

අලෙවියෙන් පසු මුදල් දෙන බව පවසමින් රටේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගේ රථ වාහන ලබාගෙන රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර සැඟව සිටි, කළුතර දිස්ත්‍රික් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනාවරයෙකු බව කියන මහනුවර ප්‍රධාන පෙළේ වාහන අලෙවිසල් හිමිකරුවෙකුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි වාර්තා වේ.

මහනුවර පොලිස් බල ප්‍රදේශයට අයත් මහයියාව ප්‍රදේශයේ කලක පටන් පවත්වා ගෙන යන අදාළ වාහන අලෙවිසලේ හිමිකරු වන සැකකරුගේ පියාගෙන්ද පොලිසිය මේ පිළිබඳව ප්‍රශ්න කර ඇති අතර තම පුතු සිටින ප්‍රදේශයක් නොදන්නා බව ඔහු පොලිසියට පවසා ඇත. මහයියාව වාහන අලෙවි සලේ ගාල්කර තබා කොමිස් මුදලක් තබාගෙන වාහනය විකුණා මුදල් දෙන බව පවසමින් මෙම පුද්ගලයා දිවයිනේ පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්ම වාහන ලබාගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. මෙලෙස ලබාගත් තම වාහනය විකිණීමෙන් ලද මුදල ලබා නොදුන් බවට පොළොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඇතුළු ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු සැකකරුට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර ඇත.

මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උවින්දසිරිගේ උපදෙස් මත සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අල්ලස් ලබාගනිමින් නිදහස් වූ රෝයල් පාර්ක් ඝාතකයා . . .

Thu Oct 20 , 2022
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීම නීතිවිරෝධී බව එම පක්ෂයේ විධායක සභිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර පවසයි. මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ මුඛයට ඇද දමා ඇති බවටද ඔහු චෝදනා කරයි. රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ මරණ දඬුවමට ලක්ව සිටි ප්‍රධාන චූදිතයා ජනාධිපති සමාව යටතේ අල්ලස් ලබාගනිමින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x