තිළිණි ප්‍රියමාලි සමග නාමල්ගේ සම්බන්ධයක් නෑ . . .

තිළිණි ප්‍රියමාලි නැමැති සැකකාරියගේ මුදල් ගනුදෙනු වලට තමා හෝ තම පවුලේ කිසිවකුත් සම්බන්ධයක් නැති බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි. තමා එම සැකකාරිය සහ තවත් පුද්ගලයකු මුදා හැරීමට දුරකතන ඇමතුමක් දී බලපෑම් කළ බවට සමගි ජන බලවේගය පක්ෂයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මැතිසබයේදී ප්‍රකාශයක් කළ බවත් තමා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු සඳහන් කළේය. තමා එම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නැති හෙයින් පොලිසියට යෑමේ අවශ්‍යතාවක් නැතැයි මන්ත්‍රීවරයා කීවේය.

මුදල් විශුද්ධිකරණය ගැන මහ ඉහළින් කතා කරන මන්ත්‍රීවරුන් කළ යුත්තේ එවැනි ව්‍යාපාරවල මුදල් ආයෝජනය කළ දේශපාලනඥයන්ට එපමණ මුදලක් ලැබුණේ කෙසේදැයි සෙවීම මිස තමාට හෝ තම පවුලට මඩ ගැසීම නොවන බවද නාමල් රාජපක්ෂ පැවසීය මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තමා වරප්‍රසාද කමිටුවට පැමිණිලි කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රාජිතගේ මෝසම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙයි . . .

Wed Oct 19 , 2022
හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව “පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය” සඳහා නොවැම්බර් මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේය. මෙම නඩුව අද (19) රාජිත සේනාරත්න ඉදිරිපත් කළ මෝසමක් මත කැඳවන ලදි. එය කැඳවූ අවස්ථාවේදී විත්තිකාර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x