පුරප්පාඩු වූ අටමස්ථානාධිපති ධුරයට අයදුම්පත් කැදවයි . . .

අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ එම ධුරයට නව අටමස්ථානාධිපති හිමි නමක් පත් කර ගත යුතුව තිබේ. ඒ සඳහා කාරක සභාව රැස්වී සුදුසුකම් සපුරා ඇති අටමස්ථානය නියෝජනය කරන විහාරාධිපති හිමි නමක් ඉදිරියේ තෝරාපත් කර ගැනීමට නියමිත බව වැඩබලන අටමස්ථානාධිපති රුවන්වැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ පැවසූහ. සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව දිනක අටමස්ථාන කාරක සභා රැස්වී එම පුරප්පාඩුව සම්ප්‍රදායිකව පුරවනු ඇති බවද උන්වහන්සේ කියා සිටිති.

පුරප්පාඩුව සඳහා අටමස්ථානයේ විහාරාධිකාරී ධූරය දරන සුදුසුකම් සපුරා ඇති හිමිවරුනට සිය අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙන බවද පැවසූ උන්වහන්සේ ඉදිරිපත්කරන අයදුම්පත් අටමස්ථාන කාරක සභාව විසින් පරීක්ෂාකොට සුදුසු හිමිනමක් තෝරා පත් කර ගනු ලැබීම සම්ප්‍රදාය බවත් තවදුරටත් පැවසූහ

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මේ වගේ පාර්ලිමෙන්තුවක ඉන්න අපිට හිරිකිතයි . . .

Fri Oct 21 , 2022
“පාර්ලීමෙන්තු මන්ත්‍රීවරු වහල්ලු කරලා සුපර් මැන් කෙනෙක් හැදුවා. අන්තිමට සුපර් මැන් මොකද කරේ? රටත් විනාශ කරලා රට දාල ගියා. එහෙම කරලා නැවත මොකද කරේ? රජයේ නිවසක විශ්‍රාම සුවයෙන් ඉන්නවා. ලැජ්ජා නැ. අපේ රටට කරපු දෙයට යන්න පන්සලකට වෙලා ඉන්න . පවු සමා කර ගන්න” යයි විපක්ශයේ ප්‍රධාන සංවිධායක ලක්ශ්මන් කිරිඇල්ල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x