
පාදෙණිය – අනුරාධපුර මාර්ගයේ මැදගම කලාඔය අසල අද (21) පෙරවරුවේ මෝටර් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කර තිබේ. මෝටර් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් මෝටර් රථය, ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටී ඇති බව පොලීසිය සඳහන් කළේය.
ගල්ගමුව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Fri Oct 21 , 2022
අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ එම ධුරයට නව අටමස්ථානාධිපති හිමි නමක් පත් කර ගත යුතුව තිබේ. ඒ සඳහා කාරක සභාව රැස්වී සුදුසුකම් සපුරා ඇති අටමස්ථානය නියෝජනය කරන විහාරාධිපති හිමි නමක් ඉදිරියේ තෝරාපත් කර ගැනීමට නියමිත බව වැඩබලන අටමස්ථානාධිපති රුවන්වැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ පැවසූහ. […]