එක්සත් රාජධානියේ මීළඟ අගමැති රිෂී සුනක් . . .

රිෂී සුනක් එක්සත් රාජධානියේ මීළඟ අගමැති බවට පත්වනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා නාමයෝජනා භාර ගැනීම අවසන් වීමට පෙර අවසන් මිනිත්තු කිහිපයේදී එම තරගයෙන් පෙනී මොර්ඩෝන්ට් ඉවත් වීමෙන් අනතුරුව ඔහුට එම අවස්ථාව හිමි වී තිබේ. ඒ අනුව, ඔහු එක්සත් රාජධානියේ පළමු ආසියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය අගමැතිවරයා බවට පත්වන අතර 42 හැවිරිදි වියේ පසුවන ඔහු සියවසක කාලයක් තුළ එරට ලාබාලතම අගමැතිවරයා බවට ද පත්වනු ඇත.

අගමැති ධූරයට පත් වී දින 45 කට පසු ලිස් ට්‍රස් එම ධූරයෙන් සහ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයෙන් පසුගිය දා ඉල්ලා අස් වූවාය. ඒ අනුව, බ්‍රිතාන්‍ය ඉතිහාසයේ කෙටි ම කාලයක් අගමැති ධූරය දැරූ තැනැත්තිය බවට ලිස් ට්‍රස් පත් වූවා ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සිසුන් අතර ලිංගාශ්‍රිත රෝග වැඩි වශයෙන් පැතිර යමින් පවතී . . .

Tue Oct 25 , 2022
පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර, එච්.අයි.වී ඇතුළු ලිංගාශ්‍රිත රෝග වැඩි වශයෙන් පැතිර යමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි සඳහන් කළේ ය. ඒ අනුව කොළඹ, ගම්පහ සහ මහනුවර යන දිස්ත්‍රික්ක වලින් මෙම තත්වය වැඩි වශයෙන් වාර්තා වන ඒ මහත්මිය සඳහන් කළේ ය. මේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x