ශ්‍රී  ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (25 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියාව කඩුලු 7 ක පහසු ජයක් ලබාගත්තේය.  පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 ක් නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 157 ක් ලබාගත්තේය. ලකුණු 158 ක ඉලක්කයක් කරා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 16.3 කදී කඩුලු […]

යාල වනෝද්‍යානයේ අධික වෙිගෙන් වාහන ධාවනය කරමින් ඝෝෂා කරමින් අනිසි ⁣ලෙස හැසිරුණ තරුණ පිරිසක් නොවැලැක්වූ සංචාරක මඟ පෙන්වන්නන් සහ වන නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් පවසන්නේ සේවය අත්හිටුවීමෙන් පසු එම නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවය. සංචාරකයන් අතින් […]

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රෝහල් ගතකර තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේව රෝහල්ගත කළ බවය. උන්වහන්සේ ඒ වනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටියහ.

හදිසි අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා දැනට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ මතක ශක්තිය අඩපණ වීමේ අවදානමක් පවතින බව ජාතික රෝහලේ වෛද්‍යවරු පවසනවා. දිගු කලක් සිහිසුන්ව සිටීම නිසා මොළයට ගමන් කරන ඔක්සිජන් සහ රුධිරය ප්‍රමාණය අවම වීම නිසා මෙම තත්ත්වය හටගන්නා බව වෛද්‍යවරු […]

ත්‍රිරෝද රථ රියදුරන් විසින් පළමු කිලෝමීටර් ගාස්තුව රුපියල් 20/= කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය, ඊයේ (24) ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබා දීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ලොවපුරා වට්සප් සමාජ මාධ්‍ය ජාලය බිඳ වැටීමකට ලක්ව තිබෙනවා. මේ වන විට WhatsApp වෙතින් නිල ප්‍රතිචාරයක් හෝ පිළිගැනීමක් නොදක්වන අතර, Meta සතු පණිවිඩකරණ වේදිකාව මත පරිශීලකයින්ට පණිවිඩ යැවීමට හෝ ලැබීමට නොහැකි බවයි වාර්තා වන්නේ.

පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර, එච්.අයි.වී ඇතුළු ලිංගාශ්‍රිත රෝග වැඩි වශයෙන් පැතිර යමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි සඳහන් කළේ ය. ඒ අනුව කොළඹ, ගම්පහ සහ මහනුවර යන දිස්ත්‍රික්ක වලින් මෙම තත්වය වැඩි වශයෙන් වාර්තා වන ඒ මහත්මිය සඳහන් කළේ ය. මේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.