ප්‍රසන්න, මහින්ද සමග පුත්තලම් වේදිකාවේ . . .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්හැර එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන බවට පසුගිය සතියේදී ආරංචි පැතිරගිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (27) පුත්තලම, ආරච්චිකට්ටුව පැවති “එක්ව නැඟිටිමු” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවට ගොඩවිය.

ඉකුත් මැයි මස 9 වැනිදා අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කරන ලද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවස පිහිටි ස්ථානයේ මෙම ජනරැළිය සංවිධානය කර තිබුණි. ජන රැළියට සහභාවීමට පෙර ඇමතිවරයා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, හිටපු අමාත්‍යවරුන් වන ගාමිණි ලොකුගේ, නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ, සම්පත් අතුකෝරළ ඇතුළු පිරිස සමඟ විශේෂ සාකච්ඡාවකද නිරතවූයේය. අනතුරුව රැස්වීම පැවැත්වෙන ස්ථානයට ගිය ඇමතිවරයා රැස්වීම සංවිධානය කරමින් සිටි පිරිස සමඟ සාකච්ඡා කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ අද (27) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහභාගීවීම සඳහා නැවත කොළඹ බලා පිටත්විය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගිය සතියේ දී විදේශගතව සිටි අතර ඒ හේතුවෙන් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු ඡන්ද විමසීමට ද සහභාගී නොවීය. ඔහු එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බවට ඒ අතරවාරයේදී මාධ්‍ය වාර්තා පළ විය. ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකිරීම පොහොට්ටුව හැර යාමක් නොවන බවයි. ජනාධිපතිවරයාට සහාය පළකිරීම අලියා පිටේ නැඟීමක් නොවන බවද ඔහු කීවේය.

එවැනි වටපිටාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවට ගෙඩවීම සම්බන්ධයෙන් ජන රැළිය සංවිධානය කළ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංගට සිය ස්තූතිය පළකළේය.

– ප්‍රදීප් අනුර කුමාර

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ නගර සභා භූමියේ එළවළු අස්වැන්න . . .

Thu Oct 27 , 2022
ශ්‍රී ලංකාවට ඉදිරියේදී මුහුණදීමට සිදුවේ යැයි කියන ආහාර අර්බුදයට පිළියමක් ලෙස කොළඹ මහ නගර සභාව ආරම්භ කළ එළවළු වගා ව්‍යාපෘතියේ පළමු අස්වැන්න අද (27) පෙරවරුවේ නෙළුහ. කොළඹ නගර ශාලා භූමියේ වගා බිමේ අස්වැන්න මෙසේ නෙළු අතර එහිදී බන්ඩක්කා, වම්බටු, තලන බටු, පිපිඤ්ඤා, මාළුමිරිස්, අමුමිරිස් සහ උඩරට එළවළු ආදි බෝග රැසකින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x