ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා පුද්ගලයන් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා 2022.11.15 දින සිට 2022.12.31 දින දක්වා පොදු සමාකාලයක් ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර ඇත. මෙම පොදු සමා කාලය 2022.10.25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ අයවළුන් සඳහා පමණක් වලංගු වන අතර ඔවුන් වෙතින් අයවිය යුතු යම් මුදලක් වේ නම් පමණක් නීත්‍යානුකූලව ඉවත් වීමට පෙර එම මුදල් ගෙවීමට කටයුතු කළ යුතු බවද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.