ගම්වැසියන්ගේ පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා මරුට . . .

ඊයේ පස්වරුවේ කැබිතිගොල්ලෑව රඹකැපූවැව ප්‍රදේශයේදී ඇති වූ කලහකාරී තත්වයේදී පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා මියගොස් ඇත. 54 හැවිරිදි වාරියපොල පදිංචිකරුවෙක් වන ඔහුගේ දේහය මේ වනවිට මැදවච්චිය රෝහලේ තැන්පත් කර තිබේ.

ප‍්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ පස්වරුයේ වන අලියෙකු පහරදීමෙන් මිය ගිය අතර ඊට විරෝධය පළ කරමින් මාර්ගය හරස් කරමින් ප‍්‍රදේශවාසීන් සිදුකල විරෝධතාවය පාලනය සදහා ගිය අවස්ථාවේ පොලිස් පරීක්ෂකවරයාට සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුට එහි සිටි පිරිස් පොලුවලින් පහර දී ඇතැයි පොලිසිය කියයි. එහිදී පොලීසිය අහසට වෙඩි තබා ඇති අතර ඒ පහර කෑ පොලිස් නිලධාරියා බේරා ගැනීමට බවත් පොලිසිය පවසයි.

සිදුවීමට සැකපිට මේ වන විට හිමිනමක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සූර්‍ය පැනල විදුලි ගාස්තු ඉහළට . . .

Tue Nov 1 , 2022
වහල මත සවිකරන සූර්ය පැනලවලින් උත්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවන ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව කිලෝවොට් 500 ට අඩු සූර්ය පැනලවලින් නිපදවන විදුලි ඒකකයක් සඳහා රුපියල් 22 සහ රුපියල් 15.50 පැවැති මුදල රුපියල් 37 ක් ලෙස ඉහළ දමා ඇත. කිලෝවොට් 500 වැඩි නම් එම මුදල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x