ශ්‍රී ලංකාව T20 ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරි ව ඇති ඇති අතර, එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම මුණගැසෙන්නේ, ප්‍රබල එංගලන්ත කණ්ඩායම යි.

මේ තරඟය ලබන සෙනසුරා දා සිඩ්නි (SCG) ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත යි.

තරගාවලිය තුළ දී ඔස්ට්‍රෙලියාවට සහ නවසීලන්තයට පරාජය වී ඇති ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට තරගාවලියේ ඉදිරිය තුළ ආශ්චර්යමත් තත්ත්ව මාලාවක් අවශ්‍ය වනු ඇති.

යම් හෙයකින් ලබන සෙනසුරාදා පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම පරාජය කළ හොත් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිය හැකි ආකාරය පිළිබඳ අවස්ථා දෙකක් පවතිනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය පරදවා ඇෆ්ගනිස්තානය ඔස්ට්‍රෙලියාව පරාජය කළහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවමත් දල්වා තබාගත හැකියි.

මීට අමතරව එංගලන්තය සහ අයර්ලන්තය නවසීලන්තය පරාජය කිරීමටත් ශ්‍රී ලංකාවට එංගලන්තය පරාජය කිරීමටත් හැකි වුව හොත් එතන දීත් ශ්‍රී ලංකාවට තවත් අවස්ථාවක් ලැබෙනු ඇති.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානයට සහ අයර්ලන්තයට ඔවුන්ගේ අවසන් තරගය ජයගත නො හැකි නම්, සෙනසුරාදා එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුවද ශ්‍රී ලංකාවට ඔවුන්ගේ කාණ්ඩයේ පළමු සිව් දෙනා අතරට පත්වීම සහතික කළ හැකි යි.

එලෙස ශ්‍රී ලංකාව 1 කාණ්ඩයේ පළමු සිවු දෙනා අතරට පැමිණිය හොත් ඔවුන් ස්වයංක්‍රීය ව 2024 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබනවා.

යම් හෙයකින් අද (01) පැවැත්වෙන නවසීලන්ත සහ එංගලන්ත තරාගයෙන් නවසීලන්තය පරාජයට පත් වුව හොත් ඉහත කිසිදු අවස්ථාවක් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට යාම සඳහා වලංගු නො වනු ඇති.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් අඩුවේ . . .

Tue Nov 1 , 2022
ඊයේ(31) දි නයට සාපේක්ෂව අද (01) දිනයේ දී ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු, සහල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග මිල ගණන් අඩුවී තිබේ. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය නිවේදනය කළේ කැරට්, බෝංචි, ලීක්ස්, වම්බටු, අමු මිරිස් මිල ගණන් මෙලෙස පහත වැටී ඇති බවයි. ඒ අනුව පෙර දිනයට සාපේක්ෂව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x