ඖෂධ හිඟය උග්‍ර වීම නිසා කරාපිටිය ශික්‍ෂණ රෝහලේ නේවාසික හා බාහිර රෝගීහු දෙපිරිසම දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති විශේෂයෙන්ම රෝගීන්ට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ විශාල ප්‍රමාණයක හිඟයක් පවතින නිසා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් මෙන්ම නේවාසික රෝගීන්ද දැඩි පීඩාවකට පත්ව ඇතැයිද එහි ප්‍රකාශකයෙක් පැවසීය. එම ප්‍රකාශකයා පැවසුවේ බාහිර රෝගී අංශයෙන් […]

හිඟ ජල බිල්පත් ගාස්තු ගෙවීම් ප්‍රමාද කරන රාජ්‍ය ආයතන සඳහා ඉදිරියේදී ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.  ලබන වසරේ සිට එම ගාස්තු අය කිරීමට කටයුතු කරනු ඇත. මෙම ගෙවීම් සිදු කිරීම සඳහා දින 90 ක කාලයක් ලබා දෙන බව ත් ඉන් පසුව අදාළ ගාස්තුව […]

ලෝකයේ අඩු ම ආරක්ෂාවක් සහිත රට ලෙස ඇෆ්ගනිස්ථානය නම් කර තිබේ. Gallup’s Law and Order Index හි වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇත. තලෙබාන් පාලනය හමුවේ ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් බොහෝ සේ දක්නට ලැබෙන බැවින් එම රට අඩු ම ආරක්ෂාවක් ඇති රටක් ලෙස සලකන බව එම […]

පිලිපීනයට බලපෑ දරුණු සුළි කුණාටුවෙන් මේ වන විට අවම වශයෙන් 98 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, පුද්ගලයින් 63 දෙනෙකු අතුරුදන්ව ඇති අතර 69 දෙනෙකු තුවාල ලබා ඇති බව ය. මෙම මරණවලින් වැඩි ගණනක් වාර්තා වී ඇත්තේ, දකුණු පිලිපීනයේ බංසමෝරෝ කලාපයෙනි. එම කලාපයේ මේ වන විට මිය ගිය පුද්ගලයින් […]

පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ට හිටපු ජනාධිපති, හිටපු අගමැති ඇතුළු නිලධාරීන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් පවරා ඇති නඩු 128 දෙසැම්බර් 15 වන දින විමසීමට ගැනීමට කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය තීරණය කළාය. කතෝලික දේවස්ථාන සහ […]

ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන ස්ට්‍රැටෝලොන්ච් රොක්, ප්‍රථම වරට ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් වේගයෙන් ගමන් කළ හැකි ටැලොන් හයිපර්සොනික් පරීක්ෂණ යානයේ ආකෘතියක් රැගෙන ඉකුත් 28 වැනිදා සාර්ථක පියාසැරියක නිරත වී ඇත. ස්ට්‍රැටෝලොන්ච් රොක් ගුවන් යානයේ පියාපත් අඩි 383 ක් වීම නිසා එය ලොව විශාලතම ගුවන් යානය ලෙස නම් […]

ශ්‍රී ලංකා ගුවන් සේවය විදෙස් සමාගම්වලින් බදුගත් යානාවලින් 1/3ක බදු කාල සීමාව අවසන්වීමට ආසන්න බැවින් ඒ වෙනුවට ගුවන් මෙහෙයුම් ඇරඹීම සඳහා පෞද්ගලික ගුවන් සමාගමක් කැසකවන බව අනාවරණය වේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවාවට අයත් ගුවන් යානා 21න් යානා තුනක් මෙම දෙසැම්බරයේදීත් තවත් යානා හතරක් 2023 වසරේ අප්‍රේල් මාසයේදීත් බදු ගත් කාලය […]

ආයුර්වේද ඖෂධ භාවිත කිරීමේදී පිළිකා රෝගීන්ගේ සෞඛ්‍ය යහපත් වන බවට සමීක්ෂණයකින් තහවුරු වී තිබේ. දේශීය ඖෂධ භාවිත කරනු ලබන පිළිකා රෝගීන් සියදෙනෙකු ආශ්‍රයෙන් සිදුකළ සමීක්ෂණයකදි මේ බව තහවුරු වූ බව බණ්ඩාරණායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ස්වර්ණා කළුතොටගේ පැවසුවාය. මෙම සමික්ෂණයට අනුව ආයුර්වේද ඖෂධ භාවිත කරන පිළිකා රෝගීන්ගේ ශාරිරික සහ […]

පසුගිය දිනවලට සාපේක්ෂව එළවලු මිළ ගණන්ද ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසයි. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් පහතින්, කැරට් කිලෝවක් – 420/= බොංචි කිලෝවක් – 520/= ගෝවා කිලෝවක් – 360/= වම්බටු කිලෝවක් – 400/= වට්ටක්කා කිලෝවක් – 280/= අමු මිරිස් කිලෝවක් – 400/= දෙහි කිලෝවක් – 800/= තක්කාලි කිලෝවක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.