කැළණිය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක් . . .

කැළණිය විශ්වවිද්‍යාලයේ කන්නංගර නේවාසිකාගාරය තුළ දී ගැටුමක් ඇති වූ බව පවසමින් සිසුන් 05 දෙනෙකු රෝහල්ගත වී තිබේ. පෙරටුගාමී හා ජනතා විමුක්ති පෙරමුණ අතර ඇති වූ ගැටුමකින් පහර කෑමකට ලක් වූ ජනාතා විමුක්ති පෙරමුණේ ශීෂ්‍ය සංගමයේ සිසුන් පස් දෙනෙකු මෙලෙස හෝමාගම මූලික රෝහලට අතුළත් කර තිබේ.

තම රහස් පිටට යෑම හේතුවෙන් මෙම සිසුන් පස් දෙනා නේවාසිකාගාරයක් තුල රදවා තබා ගෙන ඇත. පසුව මුදවාගත් සිසුන් නිවෙස් බලා පිටත් කර හැරියද ඔවූන් නිවෙස් වල‌ට නොගොස් මෙලෙස රොහල් ගත කර වී ඇති බව පොලීසිය පවසයි

හෝමාගහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් වූ සිසුන් පිළීබද හෝමාගම රෝහල් පොලිසිය කැළණිය පොලිසිය දැනුවත් කර ඇති අතර ඉදිරි විමර්ශණ කැළණිය පොලිසිය විසින් සිදු කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක්වේ . . .

Fri Nov 4 , 2022
පාකිස්තානයේ ගුජරන්වාලා නගරයේදී හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත. ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඉස්ලාමාබාද් නුවර දක්වා ගමන් කරමින් ඇති විරෝධතා පාගමන අතරතුරදී ගුජරන්වාලා නගරයේදීය

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x