පල්ලේගම හේමරතන නාහිමියන් අටමස්ථානාධිපති ධුරයට . . .

 

හිටපු අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ අනුරාධපුර අටමස්ථානාධිපති ධුරය සඳහා අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති, අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්  පත්කර තිබේ.

අටමස්ථාන කාරක සභාවේ ඒකමතික තීරණයකට අනුව උන්වහන්සේ එළැඹෙන 11 වැනිදා එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය. අනුරාධපුර අටමස්ථානාධිපති ධුරයට පත්වූ 11 වන නාහිමි ලෙස පල්ලේගම හේමරතන නාහිමි සැලකෙයි.

ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ඉතා චාම්ලෙස සිය ධුරයෙහි වැඩ භාරගන්නා බවත්, එම අවස්ථාවට දේශපාලනඥයින් හෝ වෙනත් ප්‍රභූන් කිසිවෙකුටත් ආරාධනා නොකරන බවත්, මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් අභිනව අටමස්ථානාධිපති හිමියන් සදහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

8 වැනිදා ලංකාවට අර්ධ චඳ්‍රග්‍රහණයක් . . .

Fri Nov 4 , 2022
මෙම වසරේ දෙවන චන්ද්‍රග්‍රහණය නොවැම්බර් 8 වැනිදා සිදුවීමට නියමිතයි. මෙම චන්ද්‍රග්‍රහනය ලෝකයට පූර්ණ චන්ද්‍රග්‍රහනයක් වශයෙන් සහ ලංකාවට අර්ධ චන්ද්‍රග්‍රහණයක් වශයෙන් දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ ආචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කරයි. එය ශ්‍රී ලාංකිකයන්ට මෙරට වෙලාවෙන් පස්වරු 5 48 සිට නැගෙනහිර අහසේ දැකගත හැකියි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x