සාරියේ වෙනසක් නැහැ . . .

පාසල් පද්ධතිය රඳා පවතින්නේ ලක්ෂ 42 ක් වූ දරුවන්ගේ විනය මත බවත්, පාසලේ දී දරුවා අනුගමනය කරන්නේ විදුහල්පති සහ ගුරුවරයා බවත් කිසිම හේතුවක් නිසා අධ්‍යාපන අමාත්‍යාංශය දැනට ගුරුවරුන්ට, දරුවන්ට නියමිත ඒ පාසල්වල අදින ඇඳුම්වල කිසිදු වෙනසක් සිදු නොකරන බවත් වෙනත් රටවල සහ බටහිර සංකල්ප මත අපේ සංස්කෘතිය වෙනස් නොකළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විවේකානන්ද විද්‍යාලයේ පැවති නවෝත්පාදන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  විශේෂයෙන් ම මහා සංඝරත්නය, හින්දු, මුස්ලිම් පූජකවරු, වැඩිහිටියන්, විද්වතුන්, ආදි ශිෂ්‍ය සංගම් සහ සංවර්ධන සමිති පුවත්පතක පළ වූ කථාවක් දැකලා මගෙන් ඉල්ලිම් කරනවා අපේ මේ සංස්කෘතික අනන්‍යතාවය විතරක් වෙනස් කරන්න එපා කියලා. මම විශ්වාස කරනවා අපේ ගුරුවරු 99%ක් ම මේ ඇඳුම වෙනස් කිරිමට එකඟ නැ කියන එක. අපි පුරුදු ඇඳුම අපි අඳිමු. අපේ සංස්කෘතිය අපි තියා ගමු. අපේ දරුවෝ විනයානූකූලව පාසල තුළ හදමු. වෙන අයට ඕන කරන න්‍යාය පත්‍රයකට අනුව අපි වැඩ කළ යුතු වන්නේ නෑ, ඇතැම් පිරිස් සංස්කෘතිය වෙනස් කිරීමට උත්සාහ දැරුවත් අධ්‍යාපන අමාත්‍යාංශය ගුරුවරුන්ගේ ඇඳුම්වල කිසිදු වෙනසක් සිදු කරන්නේ නැති බව වැඩිදුරටත් පැවසී ය.

මාධ්‍ය ඒකකය
අධ්‍යාපන අමාත්‍යාංශය

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යලි නැගිටින ඩී.ඒ. රාජපක්‍ෂ . . .

Fri Nov 4 , 2022
පසුගිය මැයි මස 10 වැනිදා ඇති වූ කලහකාරී සිදුවීම් අතරතුර කඩා බිඳ දමන ලද තංගල්ලේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව යලි ප‍්‍රතිසංස්කරණය කර අද දිනයේ යලිත් එම ස්ථා‍නයේම සවි කරන ලදී. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් එක්වූහ. මෙම මස 6 වෙනිදා ගුණානුස්මරණ උත්සවයක් සමග එම පිළිරුව නැවත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x