හිරුණිකා සජිත්ට බැන වදී . . .

විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව කොළඹ මරදාන ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  බැන වැදී තිබේ.

ඒ පොලීසිය විසින් විරෝධතාකරුවන් ගමන් ගත් මාර්ගය අවහිර කරමින් යොදා තිබූ මිනිස් පලිය බිඳගෙන ඉදිරියට යාමට විරෝධතාකරුවන් උත්සාහ කරද්දී එය වැළැක්වීමට විපක්ෂ නායකයා උත්සාහ කළ විටයි. විපක්‍ෂ නායකවරයා කියා සිටියේ විරෝධතාකරුවන් එම ස්ථානයේ සිට සාමාකාමීව විරෝධයේ යෙදිය යුතු බවයි.
පසුව මාධ්‍යයට අදහස් දැක්වීමට සජිත් ප්‍රේමදාස උත්සාහ කිරීමේ දී විරෝධාකරුවන් විසින් ඊට ඉඩ නොදී හූ තබමින් සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරුන් පන්නා දැමීය.
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක් . . .

Fri Nov 4 , 2022
කැළණිය විශ්වවිද්‍යාලයේ කන්නංගර නේවාසිකාගාරය තුළ දී ගැටුමක් ඇති වූ බව පවසමින් සිසුන් 05 දෙනෙකු රෝහල්ගත වී තිබේ. පෙරටුගාමී හා ජනතා විමුක්ති පෙරමුණ අතර ඇති වූ ගැටුමකින් පහර කෑමකට ලක් වූ ජනාතා විමුක්ති පෙරමුණේ ශීෂ්‍ය සංගමයේ සිසුන් පස් දෙනෙකු මෙලෙස හෝමාගම මූලික රෝහලට අතුළත් කර තිබේ. තම රහස් පිටට යෑම හේතුවෙන් මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x