ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත් කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලය 30 දක්වා වැඩි කළ හැකියි. ආණ්ඩුවේ ඉතිරි අමාත්‍යවරුන් සංඛ්‍යාව පත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. පොදුජන පෙරමුණෙන් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු පවිත්‍රා […]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩ කටයුතු සම්බන්ධයෙන් එම පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් දැඩි කලකිරීමට පත්ව සිටින බව වාර්තා වේ. පක්ෂය තවදුරටත් ගතානුගතිකව කටයුතු කිරීම හා 2015 පරාජයෙන් පසු හා මේ වසරේ ඇති වූ සිද්ධි වලින් මෙතෙක් පාඩම් ඉගෙන ගෙන කටයුතු නොකිරීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන බව ඔවුන් පෙන්වා දෙති. මෙම තත්ත්වය […]

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රවි කරුණානායක පාර්ලිමේන්තුවට පිවිසීමට සූදානම් වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිතවතුන් සමඟ ප්‍රකාශ කර ඇතැයි සති අන්ත පුවත්පත් වාර්තා කරයි. ආණ්ඩුවේ ඇමති ධූරයක් ලබා ගැනීම සඳහා රවි කරුණානායක මෙසේ පාර්ලිමේන්තුව පිවිසීමට සූදානම් වන්නේ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙසින් බවත් ඒ සඳහා මන්ත්‍රීවරයකුට මුදල් ගෙවා […]

යුද සමයේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වළ දමා ඇති බවට සැක කෙරෙන රත්‍රං සොයා කැණීම් කළ පුද්ගලයින් 08 දෙනෙකු විශේෂ කාර්‍ය බලකායේ වාකරේ කඳවුරේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගන්නා ලදී. ඊයේ (04) වාකරේ – වෙරුගල් පාලම ආසන්නයේ ඇති පුරාවිද්‍යා වටිනාකමින් යුතු ඩයලොග් ගල ප්‍රදේශයේදි මෙම වැටලීම සිදු කෙරිණී. එහිදී රත්‍රං සෙවීමට […]

මැදිරිගිරිය ප්‍රදේශයේ ආශාවරී නමැති ළමා සංගීත කණ්ඩායමේ කටයුතු නතර කිරීමට පරිවාස දෙපාර්තමේන්තුව සහ පොලීසිය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය දින කිහිපයයේ සමාජ මාධ්‍ය තුළ මෙම ආශාවරී සංගීත කණ්ඩායම සම්බන්ධයෙන් කතාබහට ලක් විය. මේ වනවිට විවෘත ප්‍රසංග ද පවත්වන තරමට මෙම ළමා සංගීත කණ්ඩායමේ දැරියන්ගේ හැකියාව ඉතා ඉහළ මට්ටමක […]

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි නැවතත් මුදල් අමාත්‍ය ධුරයට පත් කිරීම සඳහා යෝජනා වී ඇත. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ප්‍රතිපාදන හේතුවෙන් ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමති ධූරය හැර වෙනත් ඇමති ධුරයක් දැරීමට නොහැකි වීම මීට හේතු වී තිබේ. දැනට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් හා ආර්ථික ප්‍රතිපත්ති ඇමති ධූරය ද දරයි. අයවැය […]

අවිස්සාවේල්ල මාරබේ ප්‍රදේශයේ බැංකුවක ආරක්ෂිත කැමරාවලට නොපෙනෙන අයුරින් කුඩයකින් මුහුණු ආවරණය කරමින් බැංකුවක් තුළට ඇතුළු වී කොල්ලකරුවන් පිරිසක් එහි සේප්පුවක් කොල්ලකා පළාගොස් ඇත. කොල්ලය සඳහා සැකකරුවන් තිදෙනෙකු පැමිණ ඇති අතර බැංකුවේ රන් ආභරණ සහ මුදල් තැන්පත් කර තිබූ සේප්පුවක් කොල්ලකරුවන් විසින් රැගෙන ගොස් ඇත. එහි රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනා ආභරණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.