නව කැබිනට් අමාත්‍යවරුන් . . .

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත් කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලය 30 දක්වා වැඩි කළ හැකියි.

ආණ්ඩුවේ ඉතිරි අමාත්‍යවරුන් සංඛ්‍යාව පත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. පොදුජන පෙරමුණෙන් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු පවිත්‍රා වන්නිආරච්චි, සී.බී. රත්නායක, එස්.එම්. චන්ද්‍රසේන යන මන්ත‍්‍රිවරුනට ඇමතිකම් ලැබෙනු ඇති අතර ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකටද ඇමති ධුර ලැබෙනු ඇත.

මීට අමතරව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එක් අයෙකු හෝ දෙදෙනෙකු කැබිනට් මණ්ඩලයට පත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පුංචි ඡන්දයට කලින් ජනාධිපතිවරණය . . .

Sun Nov 6 , 2022
මැතිවරණ සිතියම අනුව මීළඟට මුලින්ම එනු ඇත්තේ පුංචි ඡන්දයයි. ලබන වසරේ මාර්තු වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රකාශ කර තිබේ. එහෙත් විපක්ෂය ඉල්ලන්නේ කඩිනමින් මහ මැතිවරණයකි. කෙසේ නමුදු මේ වන විට පළාත් පාලන ආයතන බොහෝමයක බලය ඇත්තේ පොදුජන පෙරමුණටය. එහෙත් පසුගිය වසර දෙකහමාර තුළ ශ්‍රී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x