පාලන මිල ඉක්මවා යන බිත්තරය . . .

බිත්තර පාලන මිල ඉක්මවා ගොස් ඇති බව බිත්තර ව්‍යාපාරිකයන් කියා සිටියි. බිත්තර ගොවිපොලවල් හිමියන් විසින් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා නොදිම සහ පාලන මිල ඉක්මවා ඔහුන් විසින් සුදු සහ රතු බිත්තර වෙලදපොලට නිකුත් කිරිම නිසා බිත්තර පාලන මිල ඉක්මවා ගොස් ඇති බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

ඒ අනුව සුදු බිත්තරයක් රු 54/= , රතු බිත්තරයක් රු 55/= ක සිල්ලර මිලකට අලෙවි කිරිමට සිදු වි ඇත්තේ බිත්තර ගොවිපොලවල් හිමියන් විසින් බිත්තර තොග මිල උපරිම සිල්ලර මිලට වඩා වැඩි කර තමන්ට අලෙවි කිරිම බවයි වෙලෙදුන් කියා සිටින්නේ. බිත්තර මිල ඉහල යාම හමුවේ පාරිභෝගිකයන්ද බිත්තර මිල දි ගැනිමෙන් වැලකි සිටින බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

වෙනත් දිනවල තම වෙලදසැලට අවශ්‍ය බිත්තර තොග බිත්තර ගොවිපොලවල් හිමියන්ගෙන් ලැබුණු බවත්, පවත්නා තත්ත්වය මත තම වෙලදසැලට අවශ්‍ය බිත්තර තොග නොලැබිම හමුවේ ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බවද වෙලෙදුන් පැවසිය.

– රංජිත් රාජපක්ෂ

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වන්නිලැ ඇත්තෝ පාර්ලිමේන්තුවට . . .

Sun Nov 6 , 2022
දඹානේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යයට අදහස් දක්වමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ කියා සිටියේ  ආදිවාසී කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බවයි.  ඔහු පවසා සිටියේ, බදුල්ල, මොනරාගල, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලට, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ආදිවාසී ජනතාව ලක්ෂ 5කට වැඩි පිරිසක් සිටින බවය. ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවේ ද ආදිවාසී නියෝජනයක් තිබෙන බවත් නේපාලයේ ආදිවාසී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x