ඉන්දියාවේ පළමු ඡන්දදායකයා . . .

‘ඉන්දියාවේ පළමු ඡන්දදායකයා’ ලෙස හැඳින්වුණු ශ්‍යාම් සරන් නෙගී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 105කි.

බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු ඉන්දියාවේ පැවති පළමු මහ මැතිවරණයේදී පළමු ඡන්දය භාවිත කළ ඡන්දදායකයා ශ්‍යාම් ලෙස පිළිගැනේ. 1952 වසරේ පැවති එම මහ මැතිවරණයේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඡන්ද විමසීම මාස කිහිපයකට පෙර 1951 වසරේදී පවත්වා ඇති අතර එහිදී ශ්‍යාම් සරන් නිදහස් ඉන්දියාවේ පළමු ඡන්දය භාවිත කර තිබිණි. එම මැතිවරණයෙන් ඉන්දීය කොංග්‍රස් පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවූ අතර, එහිදී ජවහර්ලාල් නේරු ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ පළමු අග්‍රාමාත්‍යවරයා බවට පත්විය. එතැන් සිට ඔහු ඉන්දියාවේ පැවති සෑම මැතිවරණයකදී ම ඡන්දය භාවිත කර ඇත.

පසුගිය සෙනසුරාදා ඔහු අභාවප්‍රාප්ත වීමට දින තුනකට පෙර හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය සඳහා ඡන්දය භාවිත කළේ ය. ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකු විය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හඳපාන්විල පුරාවිද්‍යා රක්‍ෂිතය ඩෝසර් කරයි . . .

Fri Nov 11 , 2022
දිඹුලාගල හඳපාන්විල පුරාවිද්‍යා රක්ෂිතය කිසියම් අයෙකු විසින් ඩෝසර් කර පුරාවස්තු රාශියක් විනාශ කර ඇති බව පොලොන්නරුව පුරා විද්‍යා කාර්යාලය සඳහන් කරයි. මෙම ස්ථානය පුරා විද්‍යාත්මක අතින් ඉතා ඉහළ වැදගත්කමක් ඇති වසර 2000 කටත් වඩා ඉපැරණි බව ද ඔවුන් සඳහන් කරති. ලජ්ජිතිස්ස රජු විසින් කරවා සංඝරත්නයට පූජා කරන ලද විහාරාරාම සංකීර්ණයක් මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x