ක්‍ෂය රෝගය සීග්‍රයෙන් ව්‍යාප්තවේ . . .

කොළඹ නගර සභා බල ප්‍රදේශයේ වතු නිවාස ආශ්‍රිතව ක්ෂය රෝගය සීග්‍රයෙන් ව්‍යාප්තවන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. මෙයට හේතුවී ඇත්තේ එම වතු නිවාස තුළ ප්‍රමාණය ඉක්මවා අධික පිරිසක් ජීවත්වීම සහ අපිරිසුදුකම බව ක්ෂය රෝග මර්දන සහ ශ්වසන රෝග සඳහා වන ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේය.

මේවනවිට මෙරට බෝවන රෝගවලින් වැඩි මරණ ප්‍රමාණයක් සිදුවන්නේද ක්ෂය රෝගයෙනි.

මෙම තත්ත්වය මත සතියකට ක්ෂය රෝගය හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනකු පමණ කොළඹ නගර සභා බලප්‍රදේශයන් තුළ මිය යන බව කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර පැවසුවාය. එසේම මේ වසරේ මේ දක්වා කාලය තුළ ක්ෂය රෝගින් හයදහසක් පමණ වාර්තා වී තිබේ.

සාමාන්‍යයෙන් වර්ෂයකට ක්ෂය රෝගය හේතුවෙන් මෙරට පුද්ගලයන් පන්සීයත් හයසියයත් අතර ප්‍රමාණයක් මිය යාමේ අවදානමක් ඇති බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේය. දිවයිනේ සෑම ප්‍රධාන රෝහලකම ක්ෂය රෝගය සඳහා සායන පැවැත්වෙන අතර එම රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් වහාම එම සායනවලට ගොස් ප්‍රතිකාර ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දීමක් කරයි.

  • වරුණි පෙරමුණ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

T20 අවසන් සටනට පාකිස්ථානය සහ එංගලන්තය . . .

Thu Nov 10 , 2022
20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවන තරඟයෙන් ඉන්දීය පිල පරදා එංගලන්තය විසින් කඩුලූ 10 ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේය. ඉන්දීය කණ්ඩායම මුලින් පන්දුවට පහර දී නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 168 ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 16කදී කිසිදු කඩුල්ලක් නොදැවී එම ඉලක්කය පසු කරමින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x