ක්‍රේප් රබර් කර්මාන්ත ශාලාව වැසේ . . .

දිවයිනේ හොඳම ක්‍රේප් රබර් නිෂ්පාදනය කළ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මොනරාගල කුමාරවත්ත වතුයායේ ක්‍රේප් රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව මේ වන විට වසා දමා ඇති අතර කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර විනාශ වෙමින් පවතී.

එහි සේවය කළ සේවක සේවිකාවන්ටද රැකියා අවස්ථා අහිමිවී ගොස් ඇත. අක්කර එක්දහස් අටසියයකින් පමණ යුත් මෙම වතුයායේ හෙක්ටයාර් පන්සිය තිස්අටක පමණ රබර් වගාකර තිබෙන අතර හයසියයකට ආසන්න කම්කරුවන් පිරිසක් සේවය කරති. දිනකට අමු රබර් කිරි කිලෝ 3500 – 4000 අතර ප්‍රමාණයක් ලබා ගනිති. මෙම වතුයායෙන් වාර්ෂිකව රු. මිලියන අසූහයක ලාභයක් ලැබෙන අතර ජනවසමට අයත් පාඩු ලබන වතුයායවල් පවත්වා ගෙන යාම සඳහා එම ලාභය වැය කරති. මීට වසර හයකට පමණ ඉහතදී දිවයිනේ හොඳම ක්‍රේප් රබර් නිෂ්පාදනයකර ඇත්තේ මෙම කර්මාන්ත ශාලාවෙනි. කර්මාන්ත ශාලාවෙන් මුදාහරින අප ද්‍රව්‍ය මොනරාගල නගරය මැදින් ගලා යන මරගල ඔයට බැහැර කිරීම නිසා මධ්‍යම පරිසර අධිකාරියේ මොනරාගල කාර්යාලය මඟින් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරන ලද අතර එමඟින් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස අධිකරණ නියෝගයක් ලැබී තිබිණි. මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත පරිසරයට හානි නොවන පරිදි අප ද්‍රව්‍ය බහාලන නිසි ක්‍රමවේදයක් සකස්කොට කර්මාන්ත ශාලාවේ වැඩ ආරම්භ කරන ලෙස නියෝගකර තිබිණි. නමුත් මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ මත පරිසරයට හානි නොවන පරිදි අප ද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකස් නොකිරීම නිසා මේ වන විටත් කර්මාන්ත ශාලාව වසා දමා ඇත. එහි තිබෙන කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර විනාශ වෙමින් පවතී.

මොනරාගල කුමාරවත්ත වතුයායේ වතු අධිකාරී අසංක කුමාර විජේසූරිය ,

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත අප ද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදය සකස් කිරීම සඳහා රු. මිලියන හැටක් පමණ වැය වෙනවා. ඒතරම් විශාල මුදලක් වැය කිරීමට ජනවසමට නොහැකියි. තවදුරටත් මධ්‍යම පරිසර අධිකාරිය සමග සාකච්ඡා කොට අප ද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදය අඩු වියදමකින් සකස් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලනවා.

  • බඩල්කුඹුර රවිඳු ගුණතිලක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වාහන මිල පහතට . . .

Fri Nov 11 , 2022
රට තුළ පවතින වාහන වල මිල ගණන් පහත ගොස් ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් ප්‍රසාද් කුලතුංග පැවසුවේ, පොලී අනුපාත ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙලෙස වාහන මිල ගණන් පහත වැටී ඇති බවයි. පවතින තත්ත්වය හමුවේ අලෙවි කරන වාහන සදහා වර්තමානයේ නියමිත මිලක් නොමැති බවද ලංකා වාහන ආනයනකරුවන්ගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x